ගූගල් ඉන්දියාවේ ඩොලර් බිලියන 15ක් ආයෝජනය කරයි

දකුණු ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශ් හි කෘතිම බුද්ධිය ආශ්‍රිත කේන්ද්‍රස්ථානයක් පිහිටුවීම කෙරෙහි ගූගල්හි මව් ආයතනය වන සුප්‍රකට Alpha-bet සමාගමේ අවධානය තිබෙනවා.

මේ වෙනුවෙන් සමාගාම ආයෝජනය කිරීමට අපේක්ෂා කරන මුදල ඇමෙරිකානු ඩොලර් බිලියන 15ක්.

අදාළ ආයතනය විශාකාපට්නම් වරාය නගරයේ පිහිටුවීමට සැලසුම් කර ඇති අතර එහි අරමුණ වන්නේ කලාපයේ රටවල දොළහකට පමණ ගූගල් දත්ත පහසුකම් සැපයීමයි.

අඟහරුවාදා නවදිල්ලියේ පැවති මාධ්‍ය හමුවකදී ගූගල් ක්ලවුඩ් හි ප්‍රධාන විධායක නිලධාරීවරයා පැවසුවේ යෝජිත ව්‍යාපෘතිය ඇමෙරිකාවෙන් බැහැරව පිහිටි ලොව විශාලතම කෘතිම බුද්ධි කේන්ද්‍රය බවට පත්වනු ඇති බවයි.

මේ වන විට ලෝකයේ කෘතිම බුද්ධිය සම්බන්ධ ප්‍රධාන මධ්‍යස්ථානයක් බවට ඉන්දියාව පත්ව තිබෙනවා.

ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රටෙහි පවතින අඩු මිල දත්ත පැකේජ හා කෘතිම බුද්ධිය පිළිබඳ ඉහළින් පාරිභෝගික ධාරිතාවයි.

ඒ අනුව ලොව තාක්ෂණික දැවැන්තයෙන් රැසක් එහි ආයෝජනය සඳහා යොමු වී සිටිනවා.

මෙම ව්‍යාපෘතිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කළ ආන්ද්‍රා ප්‍රදේශ රජය පැවසුවේ ව්‍යාපෘතියට අදාළ මූලික ගිවිසුමට අත්සන් තැබූ බවයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හානිය විශාලයි..නමුත් වැටිච්ච හැම වෙලාවකම අපි නැගිට්ටා..මාසයක් ඇතුළත අනෙකුත් සංවර්ධන කටයුතු කරනවා
06:39
Video thumbnail
අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි..ගොඩ ඒමක් ඇත්තෙම නෑ
00:20
Video thumbnail
වගාවන් සම්පූර්ණයෙන් විනාශවීම නිසා ගොවියන් දැඩි අපහසුතාවයට.."අපිට කන්න වෙන්නේ මේ වැලි තමයි.."
04:16
Video thumbnail
ආපදාවට ලක්වූ ජනතාවට රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් පරිත්‍යාගයක්
02:02
Video thumbnail
බාල බෙහෙත් සිද්ධිය ගැන සියල්ල හෙළිකරයි
07:03
Video thumbnail
අපි උපාධිය ගත්තේ මල් පෝච්චි හදන්න නෙමෙයි
01:23
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
00:39
Video thumbnail
ඇන්ටිජන් හොරා දිලීපයා නෙවෙයි Dr. අනිල් ජයන්ත?..විපක්ෂයේ උන් පලයන් ගමට..මුන්ට කොන්ද පණ නෑ..
04:08
Video thumbnail
බලශක්ති අමාත්‍යතුමා වියට්නාම තානාපතිනි හමුවෙයි
01:03
Video thumbnail
බාල බෙහෙත් ගෙනාවේ ආණ්ඩුවෙන් ද..?
10:29


?