spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගුරු වර්ජනය මර්දනය කල යුතුයි.. නැතොත් රට දියුණ කරන්න බෑ..

රජයේ ගන්නා තීරණ වලට වෘත්තිය සමිති එකඟ නොවන්නේ නම් රාජ්‍ය බලය යොදා එම වෘත්තිය ක්‍රියාමාර්ග නතර කළ යුතු යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක මහතා සඳහන් කරයි.

එසේ නොකර සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල් බිහි කළ නොහැකි බව ද ඔහු පැවසීය.

චීනය සිංගප්පූරුව මැලේසියාව වැනි රටවල නායකයන් එම රටවල් දියුණ කර ඇත්තේ එලෙස කටයුතු කිරීමෙන් බවද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

රජයේ තීරණ නොතකමින් වෘත්තීය සමිති තම සීමාව ඉක්මවා යන්නේ නම් එය එය නතර කිරීමට රජය ක්‍රියාත්මක විය යුතු බවත් එය මර්දනයක් හෝ තර්ජනයක් විය හැකි බවද ඔහු පැවසීය.

මෙරට පැවති සිරිමා, ජේ.ආර්., ප්‍රේමදාස වැනි රජයන් විසින් විරෝධතා ඒ ආකාරයෙන් මර්දනය කර සිය රාජ්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ බවත් පැවසූ මන්ත්‍රීවරයා එසේ නොකර රට කිසිදා දියුණු කළ නොහැකි බවද කියා සිටියේය.

ගුරු විදුහල්පති වැඩ වර්ජනය ගැන අදහස් පල කරමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?