ගිනි අවියක් පත්තු වී හත් හැවිරිදි දැරියක් තුවාල ලබයි

මකුළුගස්වැව පොලිස් වසමේ දේවහුය ප්‍රදේශයේ නිවසක් තුළ දී ගිනි අවියක් ක්‍රියාත්මක වී දැරියක් තුවාල ලබා තිබෙනවා.

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් ක්‍රියාත්මක වීමෙන් මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු 07ක දැරියක් බවයි පොලිසිය සඳහන් කළේ.

තුවාල ලැබූ දැරිය ප්‍රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.

නිවස අස් කිරීමට යාමේ දී ගිනි අවිය බිම වැටී පත්තු වී ඊයේ (29) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

මකුළුගස්වැව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

  1. නිවාස වල ඇයි ගිනි අවි දරුවන්ට අසු වෙන්න තියන්නේ වැඩිහිටි අය දැනුවත් විය යුතුයි