ධීවරයෙකු කිඹුලෙකුට ගොදුරු වෙයි

කාත්තන්කුඩි පොලිස් වසමේ මන්මුනේ පාලම අසල කළපුවෙහි පුද්ගලයෙකු තවත් පුද්ගලයින් තිදෙනෙකු සමඟ මසුන් අල්ලමින් සිටියදී එක්වරම කළපු දියෙන් මතු වූ කිඹුලෙකු විසින් පුද්ගලයෙකු ඩැහැගෙන ගොස් ඇති බවට කාත්තන්කුඩි පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ, මන්මුනේ පාලම අසල කළපුවෙහි ධීවර රැකියාවේ නිරත වෙමින් සිටි පුද්ගලයෙකු මෙලෙස කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බවට සිදුකළ විමර්ශනයෙ දී අනාවරණය වී ඇති බවයි.

කිඹුලා විසින් ඩැහැගෙන ගිය පුද්ගලයා සොයා කාත්තන්කුඩි පොලිසිය විසින් තවදුරටත් සෝදිසි මෙහෙයුම් දියත් කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදා මූලස්ථානය හා කජුවත්ත නාවික හමුදා කඳවුර දැනුවත් කර ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?