ගාසා තීරයේ දරුණු සටන්වලින් පලස්තීනුවන් 300කට ආසන්න පිරිසක් මිය ගොස් තිබෙනවා.
ඉකුත් පැය 24 තුළ පලස්තීන වැසියන් 300 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර 560 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.
ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු කියා සිටින්නේ, හමාස් සංවිධානයේ අවසානය ආරම්භ වී ඇති බවයි. හමාස් සංවිධානය ඊශ්‍රායල හමුදාවන්ට වහා යටත් විය යුතු බව ඔහු ප්‍රකාශ කරයි.
මේ වන විට පලස්තීන වැසියන් 18,000ක් පමණ මියගොස් ඇති අතර, 50,000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.
හමාස් සටන්කරුවන් 7,000කට ආසන්න පිරිසක් ද මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
1
+1
+1
+1