” ගාලු කථීකාව ” ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය අදත් වැලිසරදී

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ආරක්‍ෂක අමාත්‍යාංශය එක්ව, දොළොස්වන (12) වරටත් සංවිධානය කරනු ලබන ගාලු කථීකාව ජාත්‍යන්තර සමුද්‍රීය සම්මන්ත්‍රණය වැලිසර, Wave n’ Lake උත්සව ශාලාවේදී ඊයේ ආරම්භ වුණා.

අග්‍රාමාත්‍ය හරිණි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් සහ නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ ඇතුළු දෙස් විදෙස් රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් හා සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගීත්වයෙන් ‘Maritime Outlook of the Indian Ocean under Changing Dynamics’ යන තේමාව ඔස්සේ ඊයේ ආරම්භ වූ මෙම සම්මන්ත්‍රණය අද (25) දිනයේ ද පැවැත්වෙනවා.

ශ්‍රී ලංකාව ඇතුළු රාජ්‍යන් 37 ක සහ ජාත්‍යන්තර සංවිධාන 16 ක නියෝජිතයින් හා සමුද්‍රීය ආරක්‍ෂක විද්වතුන් රැසක් මෙම සම්මන්ත්‍රණය සහභාගීවනවා.

ඒ අනුව, මෙවර සම්මන්ත්‍රණයේ තේමාවට අදාලව; සමුද්‍රීය පරිසරය, සමුද්‍රීය පාලනය, සමුද්‍රීය ආර්ථිකය, සමුද්‍රීය තිරසාරත්වය සහ සුපිරිසිදු ඉන්දීය සාගර කලාපයක් පවත්වා ගැනීම යන ප්‍රධාන කුළුණු පහක් (05) ආවරණය වන පරිදි, සැසි හතරක් (04) පැවැත්වෙන අතර, නාවික හමුදා හා වෙරළාරක්‍ෂක ප්‍රධානීන්, සමුද්‍රීය ක්‍ෂේත්‍රයේ විද්වතුන් සහ මූලෝපායාඥයින් විසින් එහිදී විද්වත් අදහස් දැක්වීම සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42