ගාල්ල දුම්රිය ස්ථානය ආසන්නයේ බිංගෙය අසල දී දුම්රිය මාර්ගයට අද (01) උදෑසන ගලක් පෙරළීමෙන් රුහුණු කුමාරි දුම්රියේ ඉන්ධන ටැංකියට සහ දුම්රිය මාර්ගයට හානි සිදුව තිබෙනවා.
මාතර සිට මරදාන බලා ධාවනය වෙමින් තිබූ රුහුණු කුමාරි දුම්රිය ගාල්ල දුම්රිය ස්ථානයට ආසන්න වෙමින් තිබිය දී බිංගෙය අසල උස් ඉඩමක තිබූ ගලක් පෙරළී ඇති බවයි වාර්තා වුණේ.
මෙම අවස්ථාවේ ඉන්ධන කාන්දුවක් ද සිදුව ඇති අතර, මෙම දුම්රිය එන්ජින් දෙකකින් සමන්විතවීම හේතුවෙන් අනෙක් එන්ජිමෙන් දුම්රිය ධාවනය කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
1
+1
+1
4
+1
+1
2













