ජීවිත 25ක් සමඟ සෙල්ලම් දැමූ බීමත් බස් රථ රියදුරා අත්අඩංගුවට

අධික ලෙස බීමත්ව, මගීන් ප්‍රවාහනය බස් රථ රියදුරෙක් ඊයේ (29) දින රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව බගවන්තලාව පොලිසිය පවසනවා.

හැටන් සිට රාණිකාඩුව දක්වා ධාවනය වූ මෙම බස් රථයේ රියදුරු අධික ලෙස බීමත්ව බස් රථය ධාවනය කරන බවට බස් රථයේ ගමන් ගත් මගීන් විසින් බගවන්තලාව පොලිසිය වෙත කල දැනුම්දීමක් මත බගවන්තලාව පොලිසියේ නිළධාරින්
විසින් බස් රථය ලුහුබැද ගොස් බස් රථය බගවන්තලාව, කැම්පියන් නගරයේ දි නතරකර රියදුරුව සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රියදුරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ එම බස් රථය තුල මගීන් 25 දෙනෙක් පමණ සිටි බවත්, එම මගීන්ව වෙනත් බස් රථවලින් සිය ගමනාන්තය දක්වා යැවීමට කටයුතු කළ බව බගවන්තලාව පොලිසිය වැඩිදුරටත් කියා සිටියා.

අත්අඩංගුවට ගත් රියදුරා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර, ඔහුව එරෙහිව හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ නෛතික පියවර ගන්නා බවයි බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයා පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරු අල්ලන එක ඉස්සරහට දාලා දේශපාලන පළිගැනීම් කරනවා
07:13
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි - උඹට කවුද දුන්නේ ?ගණන් කරපන්
01:35
Video thumbnail
විනිසුරු විශ්‍රාම වයස වැඩිකරනවට රටේ ඉන්න තරුණයන් විරුද්ධයි
02:04
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.04
08:27:07
Video thumbnail
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ තෙවන අන්‍යෝන්‍ය ඇගයීම පිළිබඳ සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්
02:27
Video thumbnail
පස් කන්දකට යට වී අතුරුදන්ව සිටි සිව් දෙනාගේම සිරුර සොයා ගැනේ
00:54
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
03:59
Video thumbnail
මම ඊළඟ පාරේ ආණ්ඩු පැත්තේ වාඩිවෙනවා - එතකොට බලාගන්නම්
02:48
Video thumbnail
මුළු නුවරඑළියම මීදුමෙන් වැසී යයි
01:26
Video thumbnail
මෛත්‍රීට බේරිලා යන්න දෙන්න බෑ - නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ
10:39