ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට අවධානය

ශ්‍රී ලංකාවේ මෙන්ම මාලදිවයිනේ ඉතාලි තානාපති ලෙසද සේවයේ නියුතු ඩැමියානෝ ෆ්‍රැන්කොවිග් (Damiano Francovigh) ඊයේ (29) දින ආරක්‍ෂක අමාත්‍යාංශ පරීශ්‍රයේදී ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) හමුවුණා.

මෙහිදී ආරක්‍ෂක ලේකම් විසින් නව තානාපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගත් අතර, ඉන් අනතුරුව පැවති සුහද සාකච්ඡාව වඩාත් ඵලදායි අන්දමින් පැවැත්වුණා.

මෙම හමුවේ දී දෙරටටම වැදගත් වන ද්විපාර්ශ්වික කරුණු පිළිබඳව සාකච්ඡා කෙරුණු අතර, එහිදී දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සහ ආරක්‍ෂක ක්ෂේත්‍රයේ සහයෝගීතාව ඉහළ නැංවීම පිළිබඳව විශේෂ අවධානයක් යොමුව තිබෙනවා.

ඉතාලිය සහ ශ්‍රී ලංකාව අතර පවතින දීර්ඝකාලීන සබඳතාව පිළිබඳව සිය ප්‍රසාදය පළ කළ තානාපති Francovigh, විවිධ ක්ෂේත්‍ර ඔස්සේ සහයෝගීතාව පුළුල් කිරීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් සමඟ සමීපව කටයුතු කිරීමට තම කැමැත්ත මෙහිදී යළි තහවුරු කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted