පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළී පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල

ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුළු 20 දෙනෙක් දික්ඔය මුලික රෝහල වෙත (29) දින ඇතුලත් කර ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද (29) පස්වරු 3:00ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් ෆොඩයිස් හරහා ප්‍රධාන මාර්ගයේ දික්ඔය බටල්ගල වත්ත ප්‍රදේශයෙදියි.

ධාවනය වෙමින් තිබූ බස් රථය තවත් බස් රථයකට ඉඩ දීමට යැමෙදි එම බස් රථය මාර්ගයෙන් ඉවතට පැන අඩි 25ක් පමණ ප්‍රපාතයට පෙරලිමෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ 20 දෙනෙකු පමණ දික්ඔය මුලික රෝහල වෙත ඇතුලත් කර ඇති අතර, තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේ.

බස් රථය අනතුරට පත් වන අවස්ථාවේ බස් රථය තුල 35 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, අනතුරින් බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාද තුවාල ලබා ඇති බවයි අනතුර පිළිබද පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබය තමයි රටේ විකල්ප ආණ්ඩුව - නිදාගෙන සිටිය කණ්ඩායම් අවදි කළෙත් අපි
11:27
Video thumbnail
JRගේ ගුණ සැමරුමට රනිලුත් සජිතුත් එකටම එයි
02:19
Video thumbnail
රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් වටු කුරුල්ලෝ ටික එකතු විය යුතුයි
04:24
Video thumbnail
මීගමු බන්ධනාගරයේ ගැ#ටුමේදී පොදු දේපළ විනාශ කළ රැඳවියන් 25ස් දෙනා යළි ඇතුළට
01:26
Video thumbnail
ගමනාගමන කොමිසමේ හිටපු සභාපතිව උසාවියට රැගෙන ගිය හැටි මෙන්න
00:54
Video thumbnail
මෙරට පාසල් පද්ධතියට චීනයෙන් ඩිජිටල් පන්ති කාමර 500ක් - අගමැති සහ නව චීන තනාපති අතර හමුවක්
01:40
Video thumbnail
කාර්යාල දුම්රිය සියල්ල අද ධාවනය කළා - සවස් කාලයෙ‍ත් අපි හැකි අයුරින් ධාවනය කරනවා
06:15
Video thumbnail
22ට එරෙහිව හැමෝම එකතුවෙනවා
03:40
Video thumbnail
හයිවේ එකෙන් එළියට පැන්න මෝටර් රථය නැවතුණු තැන
00:35
Video thumbnail
පොසොන් පෝයට ජනාධිපති එනවා කියලා අන්තිමේදි ආවේ නෑ - මිහින්තලා හිමිගෙන් වර්තමාන රජයට චෝදනා
09:40