ගල්කිස්සේ වෙඩි තැබීමට දෙදෙනෙක් අල්ලයි

පසුගිය 05 වනදා ගල්කිස්ස පොලිස් වසමේ සිල්වෙස්ට මාර්ගයට හැරෙන හන්දිය අසලදී වෙඩි තබා තරුණයෙකු ඝාතනය කළ සිද්ධියට සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම අපරාධයට ආධාර අනුබල දුන් බවට සැකකරන පුද්ගලයින් දෙදෙනෙක් ඊයේ (12) දහවල් මෙලෙස අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් අවුරුදු 21 හා 32 යන වයස්වල පසුවන ගල්කිස්ස සහ දෙහිවල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් පසුගිය 05 වනදා උදෑසන මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබුණා.

මෙම වෙඩි තැබීමෙන් දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ පවිත්‍රතා සේවකයෙක් ලෙස සේවය කළ 19 හැවිරිදි තරුණයෙක් ජීවිතක්ෂයට පත්වුණා.

ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා ගල්කිස්ස පොලිසිය මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?