කෝටි 13කට වැඩි තවත් මත්ද්‍රව්‍ය තොගයක් ගුවන්තොටින් අල්ලයි (ඡායාරූප)

රුපියල් දහතුන් කෝටි තිස්නව ලක්ෂ හතළිස් දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් දිවයිනට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනෙක් අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ හරිත මාවත ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය තොගය පිට කර ගෙන යාමට තැත් කිරීමේ දී රේගු නිලධාරීන් සහ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් තිදෙනා 29 සහ 32 හැවිරිදි වියේ පසුවන නාත්තන්ඩිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මොවුන් තිදෙනා අද (25) අලුයම 04.00ට ඕමානයේ මස්කට් නුවර සිට සලාම් එයාර් ගුවන් සේවයේ ඕ.වී.- 437 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

සැකකරුවන් විසින් රැගෙන ආ ගමන් මලු 05ක් තුළ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10යි ග්‍රෑම් 394ක් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 01යි ග්‍රෑම් 912ක් සඟවා තිබිය දී සොයා ගැනුණා.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් තිදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

මේ අතර මෙම සැකකරුවන් පැමිණි ගුවන් යානයෙන්ම පැමිණි තවත් ගුවන් මගියෙක් රුපියල් අටකෝටි විසි දෙලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ මීට පෙර අත්අඩංගුවට ගෙන තිබුණා.

දහතුන් කෝටි තිස්නව ලක්ෂ හතළිස් දහසක් වටිනා කුෂ් සහ හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය

IMG 20260125 WA0018
IMG 20260125 WA0024
IMG 20260125 WA0021
IMG 20260125 WA0020


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06