කෝටි හය ඉක්ම වූ කොකේන් හා මරිජුවානා තොගයක් අමෙරිකාවෙන් මෙරටට (ඡායාරූප)

විදේශීය රටක සිට මෙරටට එවන ලද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය අමෙරිකාවේ සිට ගුවන් මගින් පාර්සල් සහ තැපැල් ඔස්සේ කොළඹ ට්‍රයිකෝ කැටුව නොඑන මගී භාණ්ඩ නිෂ්කාශන ආයතනය වෙත එවා තිබියදීයි රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අද දිනයේ දී සිය භාරයට ගනු ලැබුවේ.

මෙලෙස සූක්ෂ්ම ව එවා ඇත්තේ කොකේන් සහ මරිජුවානා නමැති විෂ මත්ද්‍රව්‍ය බවයි වාර්තා වන්නේ.

මේවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් හයකෝටි හැටනව ලක්ෂ හතළිස් දහසක් බවටත් ගණන් බලා තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසුවේ; මෙම ගුවන් තැපැල් පාර්සලය ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක පදිංචි ලිපිනයකට එවා ඇති බවයි.

මෙම සැක කටයුතු පාර්සලය අද දින කොළඹ ට්‍රයිකෝ ආයතනයේ දී විවෘත කළ අතර එහි තිබී මරිජුවානා කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 161 ක් සහ කොකේන් ග්‍රෑම් 511 ක් ආහාර ටින් තුළ සඟවා තිබීයදී සොයා ගැනුණා.

මෙම පාර්සලය භාර ගැනීමට ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ ලිඛිත අවසරය මත ට්‍රයිකෝ ආයතනය වෙත පැමිණි කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු සහ මෙම ආයතනය තුළ සේවය කරන සහකාර රේගු අධිකාරීවරයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

IMG 20231121 WA0047
IMG 20231121 WA0048
IMG 20231121 WA0050
IMG 20231121 WA0051
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38