කොළොම්බියාවේ ප්‍රබල භූ චලනයක්

කොලොම්බියාවේ බොගෝටා අගනුවර ප්‍රබල භූමිකම්පාවක් සිදුව තිබෙනවා.

ඇමරිකා එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට අනුව එහි ප්‍රබලත්වය සටහන් වී ඇත්තේ රිච්ටර් මාපකයේ 6.3ක් ලෙසට වන අතර කොලොම්බියාවේ ජාතික භූ විද්‍යා සේවය වාර්තා කළේ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපක 6.1ක් ලෙසයි.

භූ කම්පනය හමුවේ බියට පත් නිවැසියන් මාර්ගවලට දිව ගොස් ඇති අතර එහිදී කාන්තාවක් ඇදවැටී මියගොස් තිබෙනවා.

නගරාධිපති ක්ලෝඩියා ලෝපෙස් පැවසුවේ මැඩලේනාහි නේවාසික ගොඩනැගිල්ලක 10 වන මහලෙන් පැනීමට ගොස් මෙම කාන්තාව මරණයට පත්වී ඇති බවයි.

භූමිකම්පාවෙන් සිදු වූ විශාල හානියක් පිළිබඳ මෙතෙක් වාර්තා වී නැහැ.

භීතියට පත් දහස් ගණන් කොලොම්බියානු නිවැසියන් අගනුවර වීදිවලට දිව එද්දී කම්පනයෙන් ගොඩනැගිලි දෙදරුම් කෑ අතර අනතුරු හඟවන සයිරන් ද නාද වී තිබෙනවා.

භූමිකම්පාවෙන් මිනිත්තු කිහිපයකට පසු පසු කම්පන ඇති වූ අතර මිනිසුන් නගරයේ වීදිවල පිරී සිටි බව සඳහන්.

කොලොම්බියාවේ ජාතික භූ විද්‍යා සේවය විසින් දෙවන භූමිකම්පාව රික්ටර් මාපකයේ 5.6ක් ලෙස වාර්තා කර ඇති අතර, තවත් පසු කම්පනයක් එකක 4.8ක් ලෙස සටහන් වී තිබෙනවා.

මධ්‍යම කොලොම්බියාව භූ කම්පන ක්‍රියාකාරී කලාපයකයි පිහිටා ඇත්තේ.

කොලොම්බියාවේ විශාලතම වාර්තාගත ස්වාභාවික ව්‍යසනය වූ නෙවාඩෝ ඩෙල් රුයිස් ගිනිකන්ද සක්‍රිය වීමෙන් 1985 වසරේ දී මිනිසුන් 25,000ක් මිය ගියා.

බලධාරීන් මාර්තු මාසයේදී අනතුරු අඟවා තිබුණේ එම ප්‍රදේශය අවට භූ කම්පන ක්‍රියාකාරකම් වැඩි වීමක් සිදුවිය හැකි බවටයි.

2008 වසරේ දී එල් කැල්වාරියෝ හි කේන්ද්‍රගත වූ භූමිකම්පාවකින් පුද්ගලයන් 11 දෙනෙකු මිය ගියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17
Video thumbnail
රාජපක්ෂලා වැරදි කරලා නම් ම#රණ දඬුවම් දුන්නත් කමක් නෑ
05:29
Video thumbnail
රට පුරා ප්‍රදේශ රැසකට අදත් තද වැසි
03:03
Video thumbnail
ප්‍රසිද්ධ පාසලක මත් ජාවාරම් කරන ගුරුවරු, විදුහල්පතිතුමියව එළවන්න හදනවා
05:42