කොළඹ පුස්තකාලයේ නිලධාරිණියකගේ ගමන් මල්ලේ මත්ද්‍රව්‍ය ඇති බවට 119ට බොරු ඔත්තුවක්

කොළඹ මහජන පුස්තකාලයේ සේවය නියුතු නිලධාරිණියකගේ ගමන් බෑගය තුළ මත්ද්‍රව්‍ය ඇති බවට සඳහන් ව්‍යාජ තොරතුරක් 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදී එම නිලධාරිනිය අපහසුතාවකට පත් කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (09) කුරුදුවත්ත පොලිසියට නියෝග කළා.

තම ගමන් බෑගය තුළ මත්ද්‍රව්‍ය ඇති බවට කිසියම් පුද්ගලයෙකු 119 පොලිස් හදිසි දුරකථන ඇමතුම් අංශයට ඇමතුමක් ලබා දී තමන් අපහසුතාවයකට පත්කර ඇති බවට ඇය තම පොලිස් ස්ථානය වෙත පැමිණිල්ලක් කර ඇති බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කිරීම සඳහා නියෝගයක් ලබා දෙන ලෙසට කුරුඳුවත්ත පොලිසිය කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරුණා.

පැමිණිලිකාර කාන්තාව කොළඹ මහජන පුස්තකාලයේ සහකාර නිලධාරිනියක් ලෙස කටයුතු කරන බවත්, ඇයගේ ගමන් බෑගයේ තුළ මත්ද්‍රව්‍ය සඟවා ඇති බවට කිසියම් පුද්ගලයකු 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට ඇමතුමක් ලබාදී ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ, අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් පිරිසක් කොළඹ මහජන පුස්තකාලය වෙත ගොස් අදාළ නිලධාරිනියගේ ගමන් බෑගයේ පරීක්ෂා කළ ඇති නමුත් එම බෑගය තුළ සැකකටයුතු කිසිවක් තිබී නැති බව ද එම නිලධාරින් අධිකරණයට දන්වා සිටියා.

සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද මූලික විමර්ශනවලට අනුව කිසියම් පුද්ගලයෙකු පැමිණිකාර කාන්තාව අපහසුතාවයට පත්කිරීමේ අරමුණින් එම දුරකථන ඇමතුමක් ලබා දී ඇති බවට කරුණු අනාවරණය වන බව ද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිසිය අධිකරණය හමුවේ පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57