කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අනතුරකින් 20ක් රෝහලට

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ අද (11) උදෑසන සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් 20 දෙනෙකු තුවාල ලබා රෝහලගත කර තිබෙනවා.

තොරතුරු වාර්තා වන පරිදි මෙම අනතුරට මුහුණ පා ඇත්තේ බස් රථයක් සහ ලොරි රථයක්.

ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ධාවනය වූ වාහන ද්විත්වයම එකිනෙක ගැටී ඇති බවයි පැවසෙන්නේ.

මෙම අනතුරින් තුවාල ලැබූ බොහෝ දෙනෙක් බස් රථයේ ගමන් කළ අය බවත් වාර්තා වනවා.

අනතුර සිදු ව ඇත්තේ වරකාපොළ – දුම්මලදෙණිය ප්‍රදේශයේ දීයි.

අනතුරින් තුවාල ලැබූවන් වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම අනතුර හේතුවෙන් කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ රථ වාහන ගමනාගමනය බාධා එල්ල වී ඇති අතර පොලිස් රථ වාහන අංශය මැදිහත් ව එම තත්ත්වය යථා තත්ත්වයට පත් කරමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42