Fly high Get bonus Aviator Phone

කොළඹට ආ විරෝධතාකරුවන්ගෙන් අනතුරු ඇඟවීමක්

රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීමට ආණ්ඩුව පියවර නොගන්නේ නම් ඉදිරියේදී රටම අකර්මන්‍ය කරන බව වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති 40 කට වැඩි ගණනක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් කොළඹ කොටුව දුම්රියපොළ ඉදිරිපිටදී අද දහවල් පැවති විරෝධතාවකට එක්වෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මේ බව කියා සිටියා.

ඔහු පෙන්වා දුන්නේ මෙම විරෝධතාවය ආරම්භයක් පමණක් වන අතර රජය මෙම බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීමට සූදානම් නොමැති නම් නම්‍යශීලී වීමට සූදානම් නොමැති නම් සමස්ත රටම අකර්මන්‍ය කිරීමට කටයුතු කරන බවයි.

වරාය, ඛනිජ තෙල්, විදුලිබල සහ බැංකු ඇතුළු ප්‍රධාන ආයතන රැසක සේවකයන් විශාල පිරිසක් මෙම විරෝධතාවට එක්ව සිටියා.

මෙම විරෝධතාවට එක් වෙමින් ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තිය සමිති සංධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් අවධාරණය කළේ අප්‍රේල් මාසයට පෙර මෙම පනත හකුලා නොගන්නේ නම් රජය හකුළා දැමීමට බවයි.

මෙම බදු පනත පරාජය කිරීමේ සටන දිනන සටනක් මිස පරාජයෙන් අවසන් වන සටනක් නොවන බව ඔහු සඳහන් කළා.

එමෙන්ම සටන අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන අතර එසේ නොවන්නේ නම් රජය ගෙදර යැවීමට කටයුතු කරන බවයි ඔහු අවධාරණය කළේ.

මේ අතර අද පෙරවරු 11 සිට රාත්‍රී 7 දක්වා කාලය තුළදී කොළඹ කොටුව පොලිස් වසමේ මාර්ගවල අවහිරතාවයක් ඇතිවන අයුරින් කටයුතු නොකරන ලෙසට අධිකරණය නියෝගයක් කර තිබුණා.

ඒ, කොළඹ කොටුව පොලිස් ස්ථානාධිපතිවරයා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.

අදාළ පිරිස එම උද්ඝෝෂණය සිදුකලහොත් උද්ඝෝෂකයින් හා මහජනතාව අතර ගැටුම්කාරී හා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇති බවයි පොලීසිය විසින් අධිකරණයට කරුණු වාර්තාකර තිබුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු හමුදාපති රටම කැළඹු සිද්ධියට අත මිට මොලවා සැරටම කියපු කතාව
08:22
Video thumbnail
රණවිරුවා කියන්න බැරි ආණ්ඩුව මේක අහන්නම ඕනේ කතාවක්
02:46
Video thumbnail
අපේ සැලැස්මට තමයි යුද්ධය ඉදිරියට යන්නේ - මෙන්න හිටපු යුධ හමුදාපති හෙළිකරන දේ
04:37
Video thumbnail
යුද ජය සමරන්න ඕනේ නෑ කියපු අයට හිටපු හමුදාපති හොඳවයින් අමතයි
02:56
Video thumbnail
PRAHARAYA | හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායක සහභාගීවන ප්‍රහාරය දේශපාලන වැඩසටහන සජීවීව
01:11:50
Video thumbnail
දේශපාලඥයාගේ කැමැත්තමතයි හැමදේම වුණේ - මහේෂ් සේනානායක හෙළිකළ යුද්ධ මෙහෙයුම
03:36
Video thumbnail
මේක අපේ සිංහලයාගේ භූමිය - කස්සප හිමි අනුරට සැරට දෙසයි
07:03
Video thumbnail
ජනපතිත් Silent වෙන්නම විමල්ගෙන් සැර සද්දයක්
25:04
Video thumbnail
ජනාධිපතිතුමා ඔය කතාව කරන්න තිබුනේ ත්‍ර#තවාදීන් ඉදිරියේ
04:42
Video thumbnail
"අපි ආවා යුතුකම් ඉටු කරන්න"
02:32

Fly high Get bonus Aviator Phone

Fly high Get bonus Aviator Phone

?