spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කොවිඩ් පාලන ඇමතිනියගේ උත්සවයකින් තොර විවාහය

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය එකම පුතුණුවන් වන භානුක ප්‍රනාන්දුපුල්ල්ගේ විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වනවා.

අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කරනු ලබන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ එකම පුතුණුවන්ගේ විවාහ මංගල උත්සවය කොළඹ ෂන්ග්‍රි-ලා හෝටලයේ දී හෙට දිනයේ පැවැත්වීමට සුදානම් කර තිබු බවයි වාර්තා වුයේ.

කෙසේ වුවත් සිය පුතුණුවන්ගේ විවාහ වෙනුවෙන් සුදානම් කර තිබු උත්සවය නොගෙන, ආගමික සිරිත් අනුව දේවස්ථානය තුලදී විවාහ චාරිත්‍ර පමණක් සීමිත ඥාතීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව සිදුකර අවසන් කිරීමට රාජ්‍ය අමාත්‍යවරිය තීරණය කර ඇති බවයි ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

විවාහ මංගල උත්සවය සඳහා ආරාධනා කරනු ලැබූ සියලු අමුත්තන්ට හෙට දිනයේදී විවාහ මංගල උත්සවය නොපැවැත්වෙන බවට ඉකුත් සඳුදා දිනයේ සිටම රාජ්‍ය අමාත්‍යවරිය විසින් දැනුම් දීමට කටයුතු කර තිබුණා.

මිට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදී විවාහ මංගල උත්සව සඳහා සහභාගිවන අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීමට අවශ්‍ය බවට පළමුව යෝජනා ඉදිරිපත් කර ඇත්තේද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම උත්සවය පැවැතියේ දෙපස නෑදෑ හිතවතුන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මීගමුවේ දේවස්ථානයකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
293
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රට වටේ තිබුණු විවිධ ඡන්ද වලින් දැනට මාලිමාව ඉන්න තැන මෙන්න
09:52
Video thumbnail
මෙවර තමන්ට ඕනේ තැනකින් ඡන්දය දැමීමේ අවස්ථාව...#elections2024
02:38
Video thumbnail
මෛත්‍රී සහභාගී වූ විශේෂ මාධ්‍ය හමුව...#maithripalasirisena
05:11
Video thumbnail
දසත Mid Day 11.25 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය - DASATHA NEWS 11.25 PM LIVE | 2024-07-27|Dasatha News
31:18
Video thumbnail
වික්‍රමබාහු කරුණානායට අවස්න ගෞරව දක්වන්න ආ ජනපති
00:43
Video thumbnail
"9වන විධායක ජනාධිපතිත් රනිල්" #ranilwickremesinghe
01:48
Video thumbnail
ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ සතුට - "ලංකාවේ කෙල්ලො ටිකනම් සුපිරී"
02:43
Video thumbnail
රනිල් උන්මන්ත නායකයෙක්... "මෙයාලා බලය වෙනුවෙන් ඕනෑම දුෂ්ඨ ක්‍රියාවකට යනවා" #anurakumaradissanayake
08:48
Video thumbnail
වත්මන් T20 නායක චරිත් අසලංකගේ Planඑක මෙන්න... #cricket #t20cricket #charithasalanka
04:48
Video thumbnail
සැප්තැම්බර් 22 නියත ජනපති 'අනුර' #npp #akd #anurakumaradissanayake #elections2024
06:50

?