කොවිඩ් පාලන ඇමතිනියගේ උත්සවයකින් තොර විවාහය

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සිය එකම පුතුණුවන් වන භානුක ප්‍රනාන්දුපුල්ල්ගේ විවාහ මංගල උත්සවය අවලංගු කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර ඇති බව වාර්තා වනවා.

අභාවප්‍රාප්ත ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හිටපු අමාත්‍යවරයාගේ සහ රාජ්‍ය අමාත්‍යවරියක් ලෙස කටයුතු කරනු ලබන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියගේ එකම පුතුණුවන්ගේ විවාහ මංගල උත්සවය කොළඹ ෂන්ග්‍රි-ලා හෝටලයේ දී හෙට දිනයේ පැවැත්වීමට සුදානම් කර තිබු බවයි වාර්තා වුයේ.

කෙසේ වුවත් සිය පුතුණුවන්ගේ විවාහ වෙනුවෙන් සුදානම් කර තිබු උත්සවය නොගෙන, ආගමික සිරිත් අනුව දේවස්ථානය තුලදී විවාහ චාරිත්‍ර පමණක් සීමිත ඥාතීන් පිරිසකගේ සහභාගිත්වයෙන් සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව සිදුකර අවසන් කිරීමට රාජ්‍ය අමාත්‍යවරිය තීරණය කර ඇති බවයි ඇයට සමීප ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

විවාහ මංගල උත්සවය සඳහා ආරාධනා කරනු ලැබූ සියලු අමුත්තන්ට හෙට දිනයේදී විවාහ මංගල උත්සවය නොපැවැත්වෙන බවට ඉකුත් සඳුදා දිනයේ සිටම රාජ්‍ය අමාත්‍යවරිය විසින් දැනුම් දීමට කටයුතු කර තිබුණා.

මිට සති දෙකකට පමණ පෙර ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් කාර්ය සාධක බලකායේ රැස්වීමේදී විවාහ මංගල උත්සව සඳහා සහභාගිවන අමුත්තන් සංඛ්‍යාව සීමා කිරීමට අවශ්‍ය බවට පළමුව යෝජනා ඉදිරිපත් කර ඇත්තේද සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම උත්සවය පැවැතියේ දෙපස නෑදෑ හිතවතුන් සුළු පිරිසකගේ සහභාගීත්වයෙන් මීගමුවේ දේවස්ථානයකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්දියාවෙන් ජනපතිට මැතිවරණය තියන්න කියලද ?අපිට හංගන්න කිසිම දෙයක් නෑ
05:30
Video thumbnail
ඊශ්‍රාලයට යන්න ඉන්න අය වෙනුවෙන් හඬ නැගූ සජිත් - ඊශ්‍රායලයට යන්න ඕනි ලක්ෂ 4යි
04:52
Video thumbnail
Dasatha Vimasuma|ආණ්ඩුව ගැන ජනතා අදහස් "ආණ්ඩුව මාර සැපක් දෙන්නේ..කතා කරලා වැඩක් නෑ"
02:30
Video thumbnail
ගිනි ගත් මහජන පොළ නිසා මිනිස්සු අසරණවෙයි - කාටද මේ දුක කියන්නේ ?මිනිස්සු වැදලා ජනපතිගෙන් ඉල්ලපු දේ
15:12
Video thumbnail
මරික්කාර් නැගිටලා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි - එක කට්ටියක් බදු ගෙවනවා තව කට්ටියක් ගෙවන්නේ නෑ
06:24
Video thumbnail
සංචාරක ජලමාර්ග බෝට්ටු සේවාව තාවකාලිකව අත්හිටුවයි - මසුන් ඇල්ලීමේ කටයුතු අඩාලවෙලා
01:40
Video thumbnail
අජිත් - අරුණ පාර්ලිමේන්තුවේ පැටලෙයි - දිවිය ලෝකයේ ඉදලා ආපු කෙනෙක්නේ..Track පැනලද ?
08:20
Video thumbnail
කැලඹුණු කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න - අද රාත්‍රියේන් පසු 100mm දක්වා තද වැසි
11:00
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
00:39
Video thumbnail
පානදුරේ පාපැදි හොරා - කුරුමාණම අල්ලලා නවතා තිබූ පාපැදිය ඉස්සූ හැටි
01:12