කොවිඩ් එන්නත්කරණය අනිවාර්ය කල පළමු යුරෝපා රට බවට ඔස්ටි්රයාව පත්ව තිබෙනවා.
එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්රී මණ්ඩලය විසින් එම යෝජනාවට පක්ෂව ඡන්දය ප්රකාශ කිරීමෙන් අනතුරුවයි එම තීරණය ගෙන ඇත්තේ.
නව නීතිය පෙබරවාරි පළමුවනදා සිට බලාත්මක වීමට නියමිතයි. එන්නත් නොගන්නා වැඩිහිටියන්ට මාර්තු මාසයේ සිට යුරෝ 3,600 දක්වා දඩ මුදලක් අයකිරීමටද මෙහිදී තීරණය වී ඇති බවයි විදෙස් වාර්තාවල දැක්වෙන්නේ.
මේ වන විට ඔස්ටි්රයානුවන්ගෙන් සියයට 72 ක් පූර්ණ එන්නත්කරණය ලක්ව ඇති බවද සදහන්.
ඔබේ ප්රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1