Empty Ad
AFC Banner
Empty Ad

කොත්මලේ ක්‍රීඩාංගණයකින් ඇසෙන අමුතු ශබ්ද ගැන පරීක්ෂණයක්

කොත්මලේ හැදුණුවැව වෑතලාව ප්‍රදේශයේ ක්‍රීඩාංගණයෙන් මතුවන අද්භූත ශබ්දය පිළිබඳව පේරාදෙණිය භූ විද්‍යා හා පතල් කැණීමේ ඒකකයේ භූ ගර්භ විද්‍යාව පිළිබඳ හිටපු මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් අද පරීක්ෂණයක් සිදු කර තිබෙනවා.

පසුගිය දින කිහිපය තුළ කොත්මලේ වෑතලාව ප්‍රදේශයේ පිහිටි ක්‍රීඩාංගණයේ පොළොවෙන් විශාල ශබ්දයක් නැගෙන බවට ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළ අතර ඒ පිළිබඳ සොයා බලා කඩිනම් විසඳුමක් ලබාදෙන ලෙසටයි ජනතාව ඉල්ලා සිටියේ.

එම ඉල්ලීම මත නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතාගේ දැනුම්දීම පරිදි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයේ නිලධාරීන් නිල වශයෙන් පැමිණෙන තෙක් ජනතාවගේ භීතිය තුරන් කිරීමේ අරමුණිනුයි භූ විද්‍යා හා පතල් කැනීම් ඒකකයේ හිටපු ප්‍රධානියෙකු හා භූ ගර්භ විද්‍යාව පිළිබඳ මහාචාර්ය අතුල සේනාරත්න මහතාගේ සහභාගිත්වයෙන් මෙම භූමි පරීක්ෂණය සිදු කර ඇත්තේ.

මෙහිදී ආන්දෝලනයට තුඩු දුන් භූමිය පරික්ෂා පරීක්ෂා කිරීමක් සිදු කෙරුණු අතර, එහි තත්ත්වයන් පිළිබඳව හා ඇසෙන ශබ්දයට හේතුව පිළිබඳව ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමට මහාචාර්ය අතුල සේනාරත්න මහතා කටයුතු කර තිබෙනවා.

මීට පෙර වැවක් තිබුණු ප්‍රදේශයක් බැවින් එම ප්‍රදේශයේ යටින් ජල කාන්දු වීමක් දක්නට ලැබෙන අතර, එය වර්තමානයේ බරපතළ තත්ත්වයක් නොවන බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

එහෙත් ඉදිරියට එය බරපතළ තත්ත්වයක් දක්වා නිර්මාණය විය හැකි ප්‍රවණතාවයක් ඇති බව ද මහාචාර්යවරයා පෙන්වාදී තිබෙනවා.

ප්‍රදේශවාසීන් ඉල්ලා සිටින්නේ නිල වශයෙන්ම භූමිය පරීක්ෂාකර භූ විද්‍යා හා පතල් කැනීමේ ඒකකයෙන් පරීක්ෂණ වාර්තාවක් ලබාදෙන ලෙසයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
6
+1
4
+1
1
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහියංගනයේ සංගණනය පිස්සු හැදෙයි - වඳුරෝ - රිලව් සූ ගාලා
03:16
Video thumbnail
සත්තු ඉන්නවා 6+3 = 9ක් ඉන්නවා(වඳුරෝ )
01:07
Video thumbnail
🔴 2025 අයවැය කාරක සභා අවස්ථා විවාදය සජිවීව - 2025.03.15
00:00
Video thumbnail
මහියංගනයේ අලි රංචු පිටින් ගම් වදී - ගොවියෙක් ප්‍රා.ලේ කාර්යාලයට ගිහින් වන්දි ඉල්ලා ඩෙගා නටයි
34:42
Video thumbnail
STF මෙහෙයුමෙන් ඩුබාහි සැඟව සිටින ලලිත් කන්නංගරගේ බිල්ලක් ව්‍යර්ත වෙයි
01:55
Video thumbnail
බටලන්ද වදකාගාරය පොලීසියට සම්බන්ධයි - තිත්ත ඇත්ත මෙන්න
10:05
Video thumbnail
KASTHIRAMA | බටලන්ද දුක් කන්ද කොයිබටද ? විශේෂ කස්තිරම දේශපාලන වැඩසටහන සජීවීව
01:27:01
Video thumbnail
මහජන මුදල් හොරා කාපුවා - තාජුඩීන් ගැන හොයනවා කියලා ආවේ - දැන් බටලන්දක් අල්ලගෙන දඟලනවා
07:15
Video thumbnail
අම්බලන්ගොඩ රත් කළ වෙ#ඩිල්ල - බුදුන් පාමුල නිරුද්ධ කළ ප්‍රාණය
02:44
Video thumbnail
බටලන්දට විතරක් - ඉර එලිය වැටිලා වැඩක් නෑ - උවිඳු විජේවීර ආණ්ඩුවට වටෙන් ඇන්න ටොක්ක
10:03

?