කොත්තුවේ මිල පහළට

කොත්තුවක මිල රුපියල් 50.00කින් අඩු කිරීමට ආපනශාලා හිමියන්ගේ සංගමය අද (15) තීරණය කර තිබෙනවා.

සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කළේ ආනයනික තිරිඟු පිටි මිල පහත දැමීමත් සමඟ එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි.

ආනයනික තිරිඟු පිටි කිලෝවක තොග මිල ඊයේ (14) දිනයේ සිට රුපියල් 375.00 සිට රුපියල් 290.00ක් දක්වා අඩු කිරීමට කටයුතු කළා. කෙසේ වෙතත් තිරිඟු පිටි මිල අඩු කළ ද පාන් මිලේ වෙනසක් සිදු නොකරන බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
35
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?