කිසිම කෙනෙකුගේ ආරක්ෂාව කැඩෙන විදිහට කටයුතු කරන්න අපි ඉඩ තියන්නේ නෑ

අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් තැති ගැන්මකට ලක් කරන ආකාරයෙන් සිදු වූ බව කියන සිද්ධිය කිසිසේත් අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ දිගු කලක් සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කළ හැකි ආකාරය ගැන සොයා බැලීමට අද (16) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ය.

සිරකරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට පැමිණි ඇමතිවරයාගෙන් සිරකරුවන්ගේ ආරක්ෂාවට සිදු වූ තර්ජනය පිළිබඳව මාධ්‍යවේදිහු ප්‍රශ්න කළහ.

ඊට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු දුන්නේ ය.

”එහෙම සිද්ධියක් වුණා කියලා, මධ්‍ය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනාවක් නගලා තිබ්බා. ඒ චෝදනාව පිළිබඳව අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අවධානය යොමු කරලා සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා උපදෙස් දුන්නා. අමාත්‍යතුමත් ඒ පරීක්ෂණවලට සහයෝගය දැක්වීම් අවශ්‍යතාව මත පරීක්ෂණ පවත්වන කල් තනතුරෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. කිසිසේත් කිසිම කෙනෙකුගේ ආරක්ෂාව කැඩෙන විදිහට කටයුතු කරන්න අපි ඉඩ තියන්නේ නෑ. පරීක්ෂණයේ වාර්තාව ආවට පස්සේ පුළුවන් ඒ පිළිබඳව ගන්න ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුවක් ගන්න. කිසිසේත් මෙවැනි සිදුවීම් අපි අනුමත කරන්නෙ නෑ”

– Newsfirst

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අන්තරේ ගැන රාජිත කට අරියි..මල්වානේ නිවස ඇල්ලුවේ JVP එකේ ඉන්න කට්ටියක්ලු
01:22
Video thumbnail
ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක්ගෙම කටින් පැන්න දේ..ගල් අඟුරු පාඩුවත් විදුලි බිල වැඩි වෙන්න හේතුවක්
01:07
Video thumbnail
පාඨලීගේ මගඩි සේරම එළියට ?NPP මන්ත්‍රීවරයෙක්ගෙන් ගල් අඟුරු කොමිසමට පැමිණිල්ලක්
07:47
Video thumbnail
ලොකු වාහන හිඟයක් ? රුපියල අවප්‍රමාණය වීමෙන් ජීවිතයට කොච්චර බලපෑමක් වෙයිද ?
08:09
Video thumbnail
වැස්සේ අස්සේ ත්‍රීවීල් එකක හටගත් හදිසි ගින්න
00:51
Video thumbnail
සරුවට වැඩුණු ලක්ෂ විස්සකට අධික ගංජා අළු කළ හැටි
01:02
Video thumbnail
සැවොම බිය ගැන්වූ වනවාසල දුම්රිය පීලි පැනීම
00:47
Video thumbnail
සූරපප්පලා මොකක්ද මේ කරන්න යන්නේ ? ලෝකයේ 1000kmph වගේ දුම්රිය ගමන් කරනවා
04:36
Video thumbnail
අන්තරේ සෙට් එක මල්වානේ උයාගෙන කාලා සැපට ඉන්න හැටි..වීඩියෝ සේරම එළියට
02:46
Video thumbnail
ආනයනය කරන හැම වාහනයකටම 50%ක රේගු අධිභාරයක්..මනුස්සයෙක්ට දරන්න බැරි තරම් ගණන් යනවා
08:03