අනුරාධපුර බන්ධනාගාරයේ සිරකරුවන් තැති ගැන්මකට ලක් කරන ආකාරයෙන් සිදු වූ බව කියන සිද්ධිය කිසිසේත් අනුමත නොකරන බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.
ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ දිගු කලක් සිරගතව සිටින සිරකරුවන් වෙනුවෙන් සාධාරණයක් ඉටු කළ හැකි ආකාරය ගැන සොයා බැලීමට අද (16) අනුරාධපුර බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේදී ය.
සිරකරුවන්ට සාධාරණයක් ඉටු කිරීමට පැමිණි ඇමතිවරයාගෙන් සිරකරුවන්ගේ ආරක්ෂාවට සිදු වූ තර්ජනය පිළිබඳව මාධ්‍යවේදිහු ප්‍රශ්න කළහ.
ඊට අමාත්‍යවරයා මෙලෙස පිළිතුරු දුන්නේ ය.
”එහෙම සිද්ධියක් වුණා කියලා, මධ්‍ය සහ විපක්ෂයේ දේශපාලන පක්ෂ චෝදනාවක් නගලා තිබ්බා. ඒ චෝදනාව පිළිබඳව අගමැතිතුමා සහ ජනාධිපතිතුමා අවධානය යොමු කරලා සාධාරණ පරීක්ෂණයක් කරන්න කියලා උපදෙස් දුන්නා. අමාත්‍යතුමත් ඒ පරීක්ෂණවලට සහයෝගය දැක්වීම් අවශ්‍යතාව මත පරීක්ෂණ පවත්වන කල් තනතුරෙන් ඉල්ලා අස්වෙලා තියෙනවා. කිසිසේත් කිසිම කෙනෙකුගේ ආරක්ෂාව කැඩෙන විදිහට කටයුතු කරන්න අපි ඉඩ තියන්නේ නෑ. පරීක්ෂණයේ වාර්තාව ආවට පස්සේ පුළුවන් ඒ පිළිබඳව ගන්න ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව තීන්දුවක් ගන්න. කිසිසේත් මෙවැනි සිදුවීම් අපි අනුමත කරන්නෙ නෑ”
– Newsfirst














ahema anumatha krannethi hinda thma rate oya thena obathumala Inne hebei vate inna Aya Gena oita Vada oba thuma Balala thirana ganna vei neththn oyalage namata Hoda ne..Amma kiyana de ahuvnao hri neda.. .vahala uda negge a kattiyagema Aya thma..🤫
Obathumage amma kiyana de tikak ahnna varadinne athkota horu akek vath laga thiyagnna epa