කිවියන්ට එරෙහි දෙවැනි ටෙස්ට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

නවසීලන්තයට එරෙහිව තව ස්වල්ප වේලාවකින් (26) ආරම්භ වීමට නියමිත දෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ කාසියේ වාසිය දිනා ගන්නට ශ්‍රී ලංකාව සමත් වුණා.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී මෙම තරගය පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වා පළමු ව පන්දුවට පහරදීමට තීරණය කළා.

අද තරගයේ දී සිය ජාත්‍යන්තර මංගල ටෙස්ට් වරම් දිනා ගැනීමට නිශාන් පීරිස් සමත් වුණා.

ඔහුට නිල ටෙස්ට් හිස් වැසුම පැළැන්ඳවීම හිටපු ක්‍රීඩක දිල්රුවන් පෙරේරා විසින් සිදු කරනු ලැබුවා.

ඒ අනුව ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර ටෙස්ට් වරම් දිනූ 167 වැනි ක්‍රීඩකයා ලෙසටයි නිශාන් පීරිස් ඉතිහාසගත වන්නේ.

අද තරගයට විශ්ව ප්‍රනාන්දු වෙනුවටයි නිශාන්ව කැඳවා ඇත්තේ.

විශ්ව ආබාධයකට ලක් ව තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42