spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කියුබාවේ ජනතාව රජයට එරෙහිව නැවත පාරට බහී

දැඩි ආහාර හිඟයකට සහ දිනකට පැය 18ක විදුලි කප්පාදුවට එරෙහිව කියුබානු කොමියුනිස්ට් රජයට එරෙහිව එරට ජනතාව දැවැන්ත විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දශක ගණනාවකට පසු කියුබාවේ පැවැත්වෙන රාජ්‍ය විරෝධී විශාලතම විරෝධතාව මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

කියුබාවේ ජනාධිපති මිගේල් ඩයස් පසුගියදා එරට ඉන්ධන මිල 500% කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ ජනතා විරෝධය උත්සන්න වී ඇති බවත් , වසර ගණනාවකින් වැටුප් වර්ධක සිදු නොවීමෙන් ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මැද වී සිටින බවත් එම මාධ්‍ය සඳහන් කළා.

අමෙරිකානු සම්බාධක හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බව කියුබානු රජය චෝදනා කර ඇති අතර, විදුලි කප්පාදුවට හේතු වී ඇත්තේ එරට දැඩි ඉන්ධන අර්බුදයකට ගොදුරු වී සිටීම හේතුවෙන් බව ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?