කියුබාවේ ජනතාව රජයට එරෙහිව නැවත පාරට බහී

දැඩි ආහාර හිඟයකට සහ දිනකට පැය 18ක විදුලි කප්පාදුවට එරෙහිව කියුබානු කොමියුනිස්ට් රජයට එරෙහිව එරට ජනතාව දැවැන්ත විරෝධතාවක නිරතව සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

දශක ගණනාවකට පසු කියුබාවේ පැවැත්වෙන රාජ්‍ය විරෝධී විශාලතම විරෝධතාව මෙය බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

කියුබාවේ ජනාධිපති මිගේල් ඩයස් පසුගියදා එරට ඉන්ධන මිල 500% කින් ඉහළ දැමීමට පියවර ගැනීමත් සමඟ ජනතා විරෝධය උත්සන්න වී ඇති බවත් , වසර ගණනාවකින් වැටුප් වර්ධක සිදු නොවීමෙන් ජනතාව දැඩි ආර්ථික අර්බුදයකට මැද වී සිටින බවත් එම මාධ්‍ය සඳහන් කළා.

අමෙරිකානු සම්බාධක හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතවී ඇති බව කියුබානු රජය චෝදනා කර ඇති අතර, විදුලි කප්පාදුවට හේතු වී ඇත්තේ එරට දැඩි ඉන්ධන අර්බුදයකට ගොදුරු වී සිටීම හේතුවෙන් බව ද වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09
Video thumbnail
මහ සෙනඟක් ජනපති ළඟට එන්න පොරකයි
01:16
Video thumbnail
බිබිලට තද වැසි ඇදහැලුණු අයුරු මෙන්න - කාලගුණය වෙනස් වුණු හැටි
00:25
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු - මහ ජන ගඟින් භූමිය වැසී ගිහින්
01:13
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස - කොහොමද වහින වැස්ස - පාරවල් උතුරයි
01:15
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27