කැනඩා සිහින පෙන්වූ දෙදෙනෙකු රිමාන්ඩ්

කැනඩාවේ රැකියා සහ වීසා ලබාදෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් දෙදෙනෙකු ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයයි නියෝගය ලබාදී ඇත්තේ.

සැකකරුවන් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 20 දක්වා ප්‍රමාණයන්ගෙන් මුදල් ලබාගෙන ජනතාව මුලා කර ඇති අතර ඔහු මරදාන පොලිසිය අත්අඩංගුවට ගෙන විදේශ සේවා නියුක්ති කාර්යංශයට අද (2) භාරදී තිබුණා.

එම සැකකරුගේ වංචාවට හසුවූ පුද්ගලයන් 25 දෙනෙකුගෙන් ලැබුණු පැමිණිලි අනුව අත්අඩංගුවට ගෙන ඇති බවයි එම කාර්යංශය සඳහන් කළේ. සැකකරුට විරුද්ධව මේ වන විට පැමිණිලි 53ක් ලැබී ඇති බව සඳහන්.

කැනඩා රැකියා ජාවාරම සඳහා ඔහුට ආධාර හා අනුබල දුන් ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවේ සේවය කරන රජයේ නිලධාරියෙක් ද කාර්යාංශයේ විමර්ශන නිලධාරීන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරුවන් දෙදෙනාම කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි ලබන 16 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?