Empty Ad
AFC Banner
Empty Ad

කාසියේ වාසිය දිමුත්ට පෙරළෙද්දී වැස්ස තරගය පමා කරයි

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක පාකිස්ථාන කණ්ඩායම අතර දෙවන ටෙස්ට් තරගයේ කාසිය වාසිය හිමකර ගැනීමට ශ්‍රී ලංකා නායකයා සමත් වුණා.

ඒ, අනුව ඔහු තීරණය කළේ එස්.එස්.සී. තණ තීරුවේ පළමුව පන්දුවට පහරදීමටයි.

අද උදෑසන කාලයේ කොළඹට ඇඳ හැලුණු වර්ෂාවත් සමඟ තරගය ආරම්භවීම ප්‍රමාද වී තිබෙනවා.

මේ අතර අද තරගයේ දී ශ්‍රී ලංකා යොවුන් වේගපන්දු යවන ක්‍රීඩක දිල්ශාන් මධුශංක ජාත්‍යන්තර ටෙස්ට් වරම් හිමිකර ගත්තා.

ඒ, අනුව ඔහු වාර්තා අතරට එක්වන්නේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යනතර ටෙස්ට් වරම් හිමිකර ගත් 164 වැනි ටෙස්ට් ක්‍රීඩකයා ලෙසටයි.

මේ අතර අද තරගය සඳහා වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් පළමු තරගය සඳහා ක්‍රීඩා කළ ශ්‍රී ලංකා පිළේ වේග පන්දු යවන්නන් දෙදෙනා වන කසුන් රාජිත සහ විශ්ව ප්‍රනාන්දුට මෙම තරගය සදහා එක්වීමේ අවස්ථාව හිමිවන්නේ නැහැ.

තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජයගත් පාකිස්ථානය මේ වනවිට පෙරමුණේ පසුවනවා.

අද (24) ආරම්භවන දෙවන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම,

දිමුත් කරුණාරත්න (නායක), නිශාන් මධුෂ්ක, කුසල් මෙන්ඩිස්, ඇන්ජෙලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ධනංජය ද සිල්වා, සධීර සමරවික්‍රම, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, දිල්ශාන් මධුශංක

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රනිල් වික්‍රමසිංහ දැන් ඔයා පරක්කු වැඩියි - දැන් තමයි විශේෂ ප්‍රකාශ දෙන්නේ
02:10
Video thumbnail
BREAKING NEWS 🔴 බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:31
Video thumbnail
බටලන්ද වාර්තාව ගැන හිටපු ජනපති රනිල් කරන විශේෂ ප්‍රකාශය
05:46
Video thumbnail
කුඩු - පෙති විකුණන ප්‍රබල ව්‍යාපාරිකයා දසත ප්‍රාදේශීය මාධ්‍යවේදියාට මැර ප්‍රහාරයක් එල්ල කරයි
06:54
Video thumbnail
රනිල් එක්ක ඉස්සර ආණ්ඩු කරද්දී JVP එකට බටලන්ද මතක් වුණේ නැත්ද දන්නෑ .
11:01
Video thumbnail
හෙට සාමාන්‍ය පෙළ ලියන ළමයින්ට විශේෂ පණිවුඩයක්
08:25
Video thumbnail
වැලි පටවන් හැටට හැටේ ආපු ලොරිය පොලිස් ජීප් එකෙයි ලංගම බස් එකකයි වැදෙයි
05:20
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
01:00
Video thumbnail
ජන රැල්ල දිලිත්ට කැරකෙන ලකුණු - අපේ අනාගත ජනාධිපතිතුමාට ජයවේවා
02:07
Video thumbnail
88/89 ජීවනී පැකට් එක හොයාගත්ත මනුස්සයා ම#ලා දැම්මා - කරපුවා අහද්දී අපිටත් කඳුළු එනවා
05:21

?