කාබුල් වෙත එල්ල වූ දැඩි ප්‍රහාරය ගැන ජාත්‍යන්තරයේ මැසිවිලි

මාර්තු 16 වැනිදා කාබුල් හි මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට එල්ල වූ ගුවන් ප්‍රහාරය පතොරම් ගබඩාවක් ඉලක්ක කර ගත් බවට පකිස්තාන නිලධාරීන්ගේ ප්‍රකාශවලට ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

එහි නියෝජ්‍ය කලාපීය අධ්‍යක්ෂ ඉසබෙල් ලැසී පවසන්නේ කඳවුරේ විශාල කොටසක් 2016 සිට මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන පහසුකමක් ලෙස ක්‍රියාත්මක වූ බව හොඳින් ලේඛනගත කර තිබූ බවයි.

මෙම ප්‍රහාරය දියත් කිරීමට පෙර පකිස්තාන හමුදාව සිවිල් වැසියන් සහ සිවිල් වස්තූන් ඉතිරි කිරීමට හැකි සෑම පූර්වාරක්ෂාවක්ම ගත යුතුව තිබුණු බව ලැසී පවසනවා.

කඳවුර තුළ පතොරම් ගබඩාවක් තිබුණත්, පහර දීමේ තීරණය සිවිල් වැසියන්ට ඇති කළ හැකි අධික හානියක් සමඟ සසඳා බැලිය යුතුව තිබුණු බව ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා.

සංවිධානය පවසන්ලේ පාකිස්තාන බලධාරීන් දැන් ඔවුන් ක්‍රියා කළ තොරතුරු සහ සත්‍යාපනය සඳහා ගත් පියවර පැහැදිලි කළ යුතු බවයි.

මෙම ප්‍රහාරයේ තත්වයන් සහ එහි ප්‍රතිඵලයක් ලෙස සිවිල් වැසියන්ට සිදු වූ හානි පිළිබඳව ස්වාධීන, අපක්ෂපාතී සහ කාලෝචිත පරීක්ෂණයක් ද ඔවුන් විසින් සිදු කළ යුතු අතර, එහි ප්‍රතිඵල ප්‍රසිද්ධියට පත් කර වගකිව යුත්තන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගත යුතු බවද ජාත්‍යන්තර ක්ෂමා සංවිධානය පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41