කාන්තාවකගේ හිජාබය ගලවා ඇයව වීඩියෝ කළ තරුණයින් පිරිසක් අත්අඩංගුවට

හිජාබය පැළඳ සිටි කාන්තාවකගේ හිජාබය ගලවා ඇයව වීඩියෝ ගතකර එම වීඩියෝව සමාජ මධ්‍ය වෙත මුදාහැරි පුද්ගලයන් හය දෙනෙකු ඊයේ (30) තමිල්නාඩු උතුර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මොවුන් විසින් ඓතිහාසික වෙල්ලෝර් කොටුව නැරඹීමට යමින් සිටි කාන්තාවකගේ හිජාබය ගලවා මෙලෙස වීඩියෝ ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

සැකකරුවන් වයස අවුරුදු 20 සහ 24 යන වයස්වල පසුවන්නන් බවයි සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙක් ඉන්දීය මාධ්‍ය වෙත සඳහන් කළේ.

මේ අතර සාමාජ මාධ්‍ය ඔස්සේ සැරිසරන එම වීඩියෝව සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව දැනුවත් කරමින් පොලිසිය සඳහන් කළේ අදාළ වීඩියෝව බෙදා ගැනීමෙන් වැළකී සිටින ලෙසයි.

මෙම සිද්ධියෙන් පසු අදාළ බලකොටුවේ පොලිස් ආරක්ෂාව තර කර ඇති අතර, පොලිස් අධිකාරීවරයා විසින් ස්මාරකය නැරඹීමට පැමිණෙන අමුත්තන් සඳහා ආධාරක කුටියක් ද පිහිටුවීමට කටයුතු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?