ක්‍රිකට් පිටිය යුද පිටියක්වන දවස අද

2025 ශූරයින්ගේ කුසලාන එක්දින තරගාවලියේ තීරණාත්මක තරගයක් අද (23) පැවැත්වෙනවා.

මෙවර ශූරයින්ගේ කුසලානයට සත්කාරකත්වය දරණ පාකිස්ථාන කණ්ඩායම සහ ඔවුන්ගේ පසමිතුරන්වන ඉන්දීය කණ්ඩායම අතර මෙම තරගය පැවැත්වීමට නියමිතයි.

ඩුබායි හිදී පැවැත්වෙන මෙම තරගය මෙරට වේලාවෙන් අද (23) පසවරු 2.30ට ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර ශූරයින්ගේ කුසලාන සඳහා පාකිස්ථානයේ සංචාරය කිරීමට ඉන්දියාව ප්‍රතික්ෂේප කළ පසුබිමක මෙම තරගය වෙනුවෙන් සත්කාරක පාකිස්ථානයට එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා ගුවන් ගතවීමට සිදුවුණා.

දේශපාලනික වශයෙන් සහ ක්‍රිකට් පිටිය තුළ අතීතයේ සිට යම් යම් එදිරිවාදිකම් පවතින ඉන්දියාව සහ පකිස්ථානය අතර අද තරගය ද ඉතා තියුණු මුහුණුවරක් ගනු ඇති බවයි ක්‍රිකට් විචාරකයින් සඳහන් කරන්නේ.

ඉන්දියාව සහ පාකිස්ථානය ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ එකිනෙකා මුණගැසෙන්නේ අයි.සී.සීය විසින් සංවිධානය කරනු ලබන තරගාවලි තුළ දී පමණක් වන අතර, එම අවස්ථාව දැකබලා ගැනීමට ක්‍රිකට් ලෝලීන් තුළ ඇත්තේ දැඩි උනන්දුවක්.

මෙම උනන්දුවත් සමඟ අද තරගය සඳහා නිකුත් කළ ප්‍රවේශපත්‍ර සියල්ල පැය කිහිපයක් තුළ අලෙවි වී අවසන් වූ බවයි අයි.සී.සීය සඳහන් කළේ.

ක්‍රිකට් පිටිය තුළ විශාලතම එදිරිවාදීන් වන ඉන්දියාව සහ පාකිස්ථාන අතර අද පැවැත්වෙන මෙම එක්දින තරගයට පෙර; දෙපිළම අවසන් වරට ජාත්‍යනතර ක්‍රිකට් පිටිය තුළ දී එකිනෙනා මුණගැසී ඇත්තේ 2023 වසරේ අහමදාබාද් හිදී.

2023 අයි.සී.සී ලෝක කුසලානයේ තරගයක් වූ මෙම තරගය කඩුලු 07ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට ඉන්දියාව සමත් වුණා.

ඉන්දීය කණ්ඩායම රෝහිත් ශර්මාගේ නායකත්වයෙන් සහ පාකිස්ථාන කණ්ඩායම මොහොමඩ් රිස්වාන්ගේ නායකත්වයෙන් දෙරටේම ගෞරවය ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් අද දිනයේ ඩුබායි හිදී තරග බිමට පිවිසීමට සූදානමින් සිටිනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පා.ම චමින්ද විජේසිරිට ඇප
00:44
Video thumbnail
කුමාර් සංගක්කාරගෙන් අත්දැකීම් පාදක දේශනයක්
01:09
Video thumbnail
උණුසුම් කාලගුණය ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්
04:19
Video thumbnail
අපිට බොන්නවත් හරියට වතුර නෑ - රජයෙන් අපිට විසඳුමක් ලබාදෙන්න
03:53
Video thumbnail
මහා පරිමාණ ගංජා වගාවක් හම්බෙගමුව පොලිසිය වටලයි
00:27
Video thumbnail
පස් දෙනෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුරට පෙර කට්ටිය හිනා වෙවී සතුටින් හිටිය හැටි
03:12
Video thumbnail
පොලිසියට චණ්ඩි පාට් දාපු පුද්ගලයාව පොලිසියෙන් කුදලන් ගිය හැටි
01:25
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38