spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කළු ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළට

කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකය හා කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට රත්නපුර සහ ඇල්ලගාව ජල මාපාංක වල අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා කළු ගඟේ ජල මට්ටම සටහන්ව ඇතැයි ද සඳහන් කරයි

ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වය තවදුරටත් පවතීන බැවින් ගං ඉවුරු ආශ්‍රිතව පදිංචි ජනතාවඅවධානයෙන් පසුවිය යුතු යැයිද කීය.

මේ අතර කළු ගඟේ පුටුපාඋල ප්‍රදේශයේ දැක්වෙන්නේ සුළු ගංවතුර තත්ත්වයක් වුවද පවතින වැසි ජලයෙන් බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ නාලියද්ද ප්‍රදේශය අඩි හතරක් ද , දඹළ සහ ඇටඹ ගස්හංදිය අඩි හතර බැගින් ද ,කිතුලන් ගල්ලන ගල්ලෙන මුල්ලමාර්ගයේ අඩි තුනහමාරක්ද, දඹල මොරවක වත්ත මාර්ගයේ දෙනිපිටිය පාලම අසල අඩි තුනක්, සහ බුලත්සිංහල ඉහළවෙල්ගම කල්ලුමලේ මාර්ගයේ අඩි හතරක් ද , පරගොඩ මොරවකවත්ත මාර්ගයෙකළු වල වෙල්යාය ප්‍රදේශය අඩි පහක්, නාහල්ල දියකඩ මාර්ගයේ ඉහල ප්‍රදේශය අඩි පහමාරක් ද ගල්ලන්ඇල ,හා සද්දන් ගොඩ යන ප්‍රදේශ අඩි පහමාරක් ලෙස බුලත්සිංහල හා මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙලෙස මාර්ග අඩි තුනෙසිට අඩි පහමාරක් වන ප්‍රමාණයකින් අද දහවල් වනජල යෙන්විටයටවී ඇති බව කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක කර්නල් අරවින්ද අමරසේකර මහතා පැවසීය.

මේ අතර අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක ග්‍රාම නිලධාරී වසම් 108ක පවුල් 502 පුද්ගලයන්1915 දෙනෙකු තවදුරටත් ගතවූ දින හතරේ මෙලෙස බලපෑමකට ලක් වී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?