කළු ගඟේ ජල මට්ටම තවදුරටත් ඉහළට

කළු ගඟේ ජල මට්ටම රත්නපුර ප්‍රදේශයෙන් යළි ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලවිද්‍යා ඒකකය හා කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වනවිට රත්නපුර සහ ඇල්ලගාව ජල මාපාංක වල අවධානයෙන් සිටිය යුතු මට්ටම දක්වා කළු ගඟේ ජල මට්ටම සටහන්ව ඇතැයි ද සඳහන් කරයි

ඒ අනුව කළු ගඟේ අතු ගංගාවක් වන කුඩා ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන් මහා ගංවතුර තත්ත්වය තවදුරටත් පවතීන බැවින් ගං ඉවුරු ආශ්‍රිතව පදිංචි ජනතාවඅවධානයෙන් පසුවිය යුතු යැයිද කීය.

මේ අතර කළු ගඟේ පුටුපාඋල ප්‍රදේශයේ දැක්වෙන්නේ සුළු ගංවතුර තත්ත්වයක් වුවද පවතින වැසි ජලයෙන් බුලත්සිංහල මෝල්කාව මාර්ගයේ නාලියද්ද ප්‍රදේශය අඩි හතරක් ද , දඹළ සහ ඇටඹ ගස්හංදිය අඩි හතර බැගින් ද ,කිතුලන් ගල්ලන ගල්ලෙන මුල්ලමාර්ගයේ අඩි තුනහමාරක්ද, දඹල මොරවක වත්ත මාර්ගයේ දෙනිපිටිය පාලම අසල අඩි තුනක්, සහ බුලත්සිංහල ඉහළවෙල්ගම කල්ලුමලේ මාර්ගයේ අඩි හතරක් ද , පරගොඩ මොරවකවත්ත මාර්ගයෙකළු වල වෙල්යාය ප්‍රදේශය අඩි පහක්, නාහල්ල දියකඩ මාර්ගයේ ඉහල ප්‍රදේශය අඩි පහමාරක් ද ගල්ලන්ඇල ,හා සද්දන් ගොඩ යන ප්‍රදේශ අඩි පහමාරක් ලෙස බුලත්සිංහල හා මදුරාවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල මෙලෙස මාර්ග අඩි තුනෙසිට අඩි පහමාරක් වන ප්‍රමාණයකින් අද දහවල් වනජල යෙන්විටයටවී ඇති බව කළුතර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂක කර්නල් අරවින්ද අමරසේකර මහතා පැවසීය.

මේ අතර අධික වර්ෂා තත්ත්වය හේතුවෙන් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 ක ග්‍රාම නිලධාරී වසම් 108ක පවුල් 502 පුද්ගලයන්1915 දෙනෙකු තවදුරටත් ගතවූ දින හතරේ මෙලෙස බලපෑමකට ලක් වී ඇතැයි ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළහ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැඩි මිලට ඉන්ධන ගැනීම ගැන සජිත්ගෙන් සැර කතාවක් - රටේ සංචිතවලට අගතිගාමී බලපෑමක් වෙලා
19:49
Video thumbnail
FIFA 2026 තව තවත් උණුසුම් වෙයි - ප්‍රබල ජර්මනියට සහ අමෙරිකාව අන්ත අසරණ වෙයි
02:06
Video thumbnail
ගර්භණී කාලයේ මවකට හෙරෝයින් නිරාවරණය වුණොත් වෙන දේ මෙන්න - උපතින් හෙරෝයින්වලට ඇබ්බැහිවෙලා උපදින්නේ
02:18
Video thumbnail
දෙමව්පියෝ දරුවන්ගේ වැරදි වහනවා..වැරැද්ද පෙන්නුවනම් බන්ධනාගාරයේ මෙච්චර නෑ
03:56
Video thumbnail
බන්ධනාගාරයේ ඇත්තටම සිදුවෙන දේ මෙන්න..ආන්දෝලනාත්මක ප්‍රකාශයක් එළියට - මිනිස්සුන්ව යුද්දයට යැව්වා
09:11
Video thumbnail
ලියනගේමුල්ලේ සිදුවූ බිහුසුණු අනතුර - ත්‍රීවිල් රථ රියදුරුට බරපතළ තුවාල - සංවේදි අය නැරඹීමෙන් වළකින්න
02:16
Video thumbnail
Kasthirama | "මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරමට එරෙහි ජාත්‍යන්තර දිනය" පැවැත්වෙන විශේෂ කස්තිරම වැඩසටහන
01:14:00
Video thumbnail
මත්ද්‍රව්‍යට ඇබ්බැහි වුණ කෙනා ලි#ගිකව එක්වීමේ කැමැත්තක් නෑ - මනුස්සයාගේ සතුටේ සීමාවන් කොටු කරගන්නවා
04:19
Video thumbnail
ළමා මනසට මත්ද්‍රව්‍ය රකුසා ඇතුළු වෙන හැටි කිව්ව නි.පොලිස්පති - ආදරය පිරෙව්වනම් ඇතුළු වෙන්නේ නෑ
03:53
Video thumbnail
දොඩම්ගොඩදී වාහන 5ක් ගැටී බිහිසුණු අනතුරක් - මෙන්න දැන් ලැබුණු දර්ශන
00:44