දීපාවලී නිමිත්තෙන් උතුරු සහ නැගෙනහිර දෙමළ මාධ්‍ය පාසල්වලටත් විශේෂ නිවාඩුක්

දීපාවලී උත්සවය නිමිත්තෙන් එළැඹෙන සඳුදා (09) දිනයේ දී, උතුරු සහ නැගෙනහිර පළාත්වල සියලුම දෙමළ මාධ්‍ය පාසල් සඳහා විශේෂ නිවාඩුවක් ලබාදීමට තීරණය කර තිබෙනවා.

හෙට (08) දිනයට යෙදී තිබෙන දීපාවලී උත්සවය නිමිත්තෙන් පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙම තීරණය ගෙන තිබෙනවා .

කෙසේ වෙතත් එම නිවාඩුව ආවරණය කිරීම සඳහා එළඹෙන 14 වැනි සෙනසුරාදා, එම පාසල්වල අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා.

දීපාවලී උත්සවය නිමිත්තෙන් මධ්‍යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල පිහිටි දෙමළ මාධ්‍ය පාසල්වලට ද එළැඹෙන සඳුදා (09) දින විශේෂ නිවාඩුවක් ලබා දුන්නා.