spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කසිප්පු ඉල්ලා නිවසට ආ පුද්ගලයා ඝාතනය කරලා

දෙහිඕවිට, කනන්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පසුගිය 21 වනදා රාත්‍රී කාලයේ පුද්ගලයෙකු ඝාතනයකර තිබෙනවා.

ඝාතනය ලක්වූ පුද්ගලයා නීති විරෝධී මත්පැන් අලෙවිකරන නිවසකට පැමිණ මත්පැන් ඉල්ලා සිටි අවස්ථාවේ දී එම නිවසේ හිමියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ දී එම පුද්ගලයා විසින් නිවෙස් හිමියාට පහරදීමට උත්සාහ කර ඇති අතර, එහිදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමෙන් පසු නිවස පිටුපස ඇති ඇලකට ඇද දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 26ක පුද්ගලයෙක්.

මෙම අපරාධය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු වූ 57 හැවිරිදි වියේ පසු වූ අයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සඳහා යොදාගත් බව කියන උල් පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, දෙහිඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
1
+1
2
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?