කසිප්පු ඉල්ලා නිවසට ආ පුද්ගලයා ඝාතනය කරලා

දෙහිඕවිට, කනන්ගම ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පසුගිය 21 වනදා රාත්‍රී කාලයේ පුද්ගලයෙකු ඝාතනයකර තිබෙනවා.

ඝාතනය ලක්වූ පුද්ගලයා නීති විරෝධී මත්පැන් අලෙවිකරන නිවසකට පැමිණ මත්පැන් ඉල්ලා සිටි අවස්ථාවේ දී එම නිවසේ හිමියා සමඟ ආරවුලක් ඇතිකරගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

එම අවස්ථාවේ දී එම පුද්ගලයා විසින් නිවෙස් හිමියාට පහරදීමට උත්සාහ කර ඇති අතර, එහිදී සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමෙන් පසු නිවස පිටුපස ඇති ඇලකට ඇද දමා ඇති බවයි වාර්තා වන්නේ.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ අවුරුදු 26ක පුද්ගලයෙක්.

මෙම අපරාධය සම්බන්ධයෙන් නිවසේ හිමිකරු වූ 57 හැවිරිදි වියේ පසු වූ අයෙක් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඝාතනය සඳහා යොදාගත් බව කියන උල් පිහියක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දේහය අවිස්සාවේල්ල රෝහලේ මෘත ශරීරාගාරය වෙත යොමු කිරීමට කටයුතු කර ඇති අතර, දෙහිඕවිට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56