කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ ඇඟලුම් කර්මාන්තශාලාවක වෑන් රථ රියදුරෙකු ලෙස සේවය කළ පුද්ගලයෙක්
බස් රථයක් තුළ ගෙල වැළලාගෙන මිය ගොස් සිටිය දී සොයාගෙන තිබෙනවා.
අදාළ කර්මාන්ත ශාලාව සතු බස් රථයක් තුළ එම පුද්ගලයා සියදිවි හානිකරගෙන සිටිය දී අද (30) මෙලෙස සොයාගෙන ඇති බවයි වාර්තා වුණේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ සුරේෂ් කාරියවසම් නැමති 28 හැවිරිදි වියේ පසු වූ මාස්පොත,බෝගොඩ ප්‍රදේශයේ
පදිංචිකරුවෙක්.
මෙම පුද්ගලයා අද (30) දහවල් කාලයේ බස් රථයට ගොඩ වී ඒ තුළ ගෙල වැළලාගෙන ඇති බවයි කටුනායක පොලීසිය සිදු කළ මූලික විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.
සිද්ධිය සම්බන්ධයෙන් කටුනායක පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













