කමිටුව පිළිගන්නේ නැහැ – අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ

අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියෝ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව අධ්‍යයනය කිරීමට පත්කළ කමිටුව කිසිසේත්ම පිළිනොගන්නා බව පවසයි. ජනාධිපතිවරයාට ලබාදී ඇති කොමිෂන් සභා වාර්තාවේ පිටපතක් තමන්ට ලබාදෙන තුරු පක්ෂ විපක්ෂ දේශපාලකයන් හමුවීම ප්‍රතික්ෂේප කරන බවද උන්වහන්සේ පවසා සිටිති. උන්වහන්සේ මේ බව දැනුම් දී ඇත්තේ රජයේ සහ විපක්ෂයේ ක​තෝලික මන්ත්‍රීවරු මාර්තු මස දෙවැනිදා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මුණ ගැසීමට සිටින බවට දැනුම්දීමත් සමගය.

මෙම මාර්තු මස 2 වැනිදා අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සහ කතෝලික පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර පැවැත්වීමට නියමිතව තිබූ හමුව කල් දමන බවයි අගරදගුරු ලේකම් කාර්යාලය දැනුම් දෙන්නේ. මෙම පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණයක් ඉටුකරන ලෙස ඉල්ලා කටුවාපිටියේදී ජනතාව කළ නිහඬ විරෝධතාව පැවැති ස්ථානයට ගිය අගරදගරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ප්‍රකාශ කළේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසමේ වාර්තාව අධ්‍යයනය කිරීමට සා. පෙළවත් සමත් නැති කණ්ඩායමකට අධ්‍යයනය කිරීමට ලබාදී ඇති බවයි. එවැනි මිනිසුන්ට කොමිසමේ උගත් කොමසාරිස්වරු දුන් විනිශ්චය තීරණය කිරීමට ඉඩ ලබාදිය නොහැකි බවත් පැවැසීය.

වරුණි පෙරමුණ
රේමන්ඩ් අපෝන්සු – මීගමුව



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36