කන්තලේ වැවේ ශීඝ්‍රයෙන් පැතිර යන ආක්‍රමණික ජලජ ශාක හේතුවෙන් තම කර්මාන්තය සිදු කරගෙන යාමට නොහැකි තත්තවයක් උද්ගත වී ඇතැයි කන්තලේ මිරිදිය ධීවරයින් පවසනවා.
ධීවරයින් පවසන්නේ මොරගහකන්ඳ ව්‍යාපෘති හරහා ජලය නිකුත් කිරීමත් සමග වැවේ ආක්‍රමණික ශාක ව්‍යාප්ත වී ඇති බවයි
ත්‍රීකුණාමලේ දිස්ත්‍රික්කයේ වැඩිම ධීවරයින් පිරිසක් මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ කන්තලේ වැවේයි.
එහෙත් මේ වන විට ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති ආක්‍රමණශීලී ජලජ ශාකයක් හේතුවෙන් ධීවරයින් දැඩි අසිරුතාවට පත්ව සිටිනවා.
මීට වසර දෙකකට පමණ පෙර සුලු වශයෙන් කන්තලේ වැවේ මෙම පාසි විශේෂය පැතිර තිබුණද අද වනවිට වැවේ බොහෝ ප්‍රදේශයක එය ව්‍යප්ත වී තිබෙනවා.
මේ හේතුවෙන් තම කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ධීවරයින් පවසනවා.
වැව තුළ මසුන් ඇල්ලීම සඳහා යොදන දැල්වල මෙම පාසි සිරවීම හේතුවෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇති අතර අධික ලෙස පාසි ව්‍යාප්ත වීම හේතුවෙන් ඔරු පැදීමට හෝ නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ධීවරයින් පවසන්නේ.













