කන්තලේ මිරිදිය ධීවරයින්ට තවත් කරදරයක්

කන්තලේ වැවේ ශීඝ්‍රයෙන් පැතිර යන ආක්‍රමණික ජලජ ශාක හේතුවෙන් තම කර්මාන්තය සිදු කරගෙන යාමට නොහැකි තත්තවයක් උද්ගත වී ඇතැයි කන්තලේ මිරිදිය ධීවරයින් පවසනවා.

ධීවරයින් පවසන්නේ මොරගහකන්ඳ ව්‍යාපෘති හරහා ජලය නිකුත් කිරීමත් සමග වැවේ ආක්‍රමණික ශාක ව්‍යාප්ත වී ඇති බවයි

ත්‍රීකුණාමලේ දිස්ත්‍රික්කයේ වැඩිම ධීවරයින් පිරිසක් මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ කන්තලේ වැවේයි.

එහෙත් මේ වන විට ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති  ආක්‍රමණශීලී  ජලජ ශාකයක් හේතුවෙන්  ධීවරයින් දැඩි අසිරුතාවට පත්ව සිටිනවා.

මීට වසර දෙකකට පමණ පෙර සුලු වශයෙන් කන්තලේ වැවේ මෙම පාසි විශේෂය පැතිර තිබුණද අද වනවිට වැවේ බොහෝ ප්‍රදේශයක එය ව්‍යප්ත වී තිබෙනවා.

මේ හේතුවෙන් තම කර්මාන්තය සිදුකරගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇතැයි ධීවරයින් පවසනවා.

වැව තුළ මසුන් ඇල්ලීම සඳහා යොදන දැල්වල මෙම පාසි සිරවීම හේතුවෙන් නෙලාගන්නා මත්ස්‍ය අස්වැන්න අඩුවී ඇති අතර අධික ලෙස පාසි ව්‍යාප්ත වීම හේතුවෙන් ඔරු පැදීමට හෝ නොහැකි තත්ත්වයක් මතුව ඇති බවයි ධීවරයින් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රියදුරුට නින්ද යාම නිසා සුඛෝපභෝගී වෑන් රථයක් අනතුරට..විදුලිි කණුවක් කඩාගෙන නැවතෙයි
01:17
Video thumbnail
උගන්ඩා කුමාරිට කට උත්තර නැතිවෙන්න තිස්සකුට්ටි අමතයි..ඩොලර් මිලියන 2.5 ගේන්න ඕනි නැද්ද?
03:14
Video thumbnail
කම්කරු දිනයෙත් කම්කරුවන් වැඩ.."අපේ තියෙන දුප්පත්කමනේ..ඊට වැඩිය දෙයක් නෑනේ"
02:13
Video thumbnail
NPPයට ජනතා ආකර්ෂණය අඩු වෙලාද ?..මුළු ලංකාවම රත්‍ර වර්ණයෙන් බබළනවා
04:39
Video thumbnail
සහකාර අධ්‍යක්ෂකගේ මරණය ගැන තිස්සකුට්ටිගෙන් ප්‍රබල හෙළිදරව්වක්..සාක්ෂි යට ගහන්න කරපු කුමන්ත්‍රණයක් ?
04:22
Video thumbnail
දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කළුතර ප්‍රා.කාර්යාලයේ ඇතිවූ හදිසි ගින්න
01:55
Video thumbnail
අභිරහසක් ඉතිරි කර පිළිස්සී එළොව ගිය වයෝවෘද්ධ කාන්තාව..
01:01
Video thumbnail
නාමල් ගිහින් හිටපු නගරාධිපති ජාලියෝට දුන්න සුපිරි Birthday Surprise එක..මචන් මටත් කේක් කෑල්ලක්
02:07
Video thumbnail
අවුරුදු උත්සවයට ගිය පිය පුතු ගමන රෝහලෙන් නතර වුණ හැටි..ත්‍රීවීල් එකක් දුම්රියක ගැටෙයි
01:05
Video thumbnail
රටේ ජාතික මූල්‍ය ආරක්ෂාව අනතුරේ..හිටිහැටියෙම මුදල් වාෂ්ප වෙන්න ඉඩ දෙන්න බෑ
08:06