කඩුවක් රැගෙන පෙරහැර මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

කඩුවක් රැගෙන පෙරහැර මාර්ගයට ඇතුළු වීමට උත්සාහ කළ පුද්ගලයෙකු මහනුවර ඇසළ පෙරහැර විශේෂ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (26) රාත්‍රියේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබුණේ මහනුවර ජෝර්ජ් ඊ ද සිල්වා උද්‍යානය අසළ දීයි.

බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන 27 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අද (27) මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

අනතුරුව ඔහු සැප්තැම්බර් 05 වන දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමටයි නියෝග කර ඇත්තේ.

බෑගයක් තුළ දමාගෙන සැකකරු මෙම කඩුව රැගෙනවිත් තිබිය දී සොයාගෙන ඇති අතර, කඩුව කුමක් සඳහා රැගෙන ආවේද යන්න සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ දළඳා වහන්සේට පූජා කිරීම පිණිස එය මිතුරෙකු විසින් තමන්ට ලබාදුන් බව සැකකරු පොලීසියට පවසා තිබෙනවා.

කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් 2016 වසරේ දී හෙරෝයින් මත්කුඩු ළඟ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම පුද්ගලයාව අත්අඩංගුව ගෙන තිබෙන බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
30
+1
2
+1
1
+1
5
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
01:01:04
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට දුන්න සුද්දය
01:08
Video thumbnail
උසාවියට රැගෙන ආ සලේ STF ආරක්ෂාව මැද යළි රැගෙන යන හැටි
01:37
Video thumbnail
වාහන ගෙන්වීමේදී ලොකු අක්‍රමිකතාවක් වෙලා..ආණ්ඩුව බැලුවේ සීමා කරන්න
05:18
Video thumbnail
ජංගිවල හිල් කිව්ව ප්‍රබලයට කතක් රිදෙන්නම දෙයි.."ඔයා වෙනුවෙන් Design කරලා දෙන්නම් Underwear ටිකක්"
01:51
Video thumbnail
පාලකයන්ට ෆැරලයිස්ද ? හැඟීම් දැනීම් දැනෙන්නේ නැද්ද ? - බිහිසුණු ඉරණමක් අත්වූ කතක් මාධ්‍යය දෙවනත් කරයි
10:31
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31