කඩයක් කඩා ටොෆී, චොකලට් සොරකම් කළ දැරියන් තිදෙනෙක් අත්අඩංගුවට

කළුතර ප්‍රදේශයේ වෙළඳසැලක් කඩා එහි තිබූ රුපියල් හතලිස් දහසකට ආසන්න වටිනාකමකින් යුත් ටොෆී, චොකලට් සොරකම් කළ ගැහැණු ළමුන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව සිටින වයස අවුරුදු 13, 14 සහ 15 යන වයස්වල පසුවන ළමුන් තිදෙනෙක්.

පොලිසිය විසින් ආරක්‍ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමෙන් පසු සොරකමට සම්බන්ධ ළමුන් හදුනාගෙන ඇති අතර, පසුව ළමා නිවාසය පරීක්ෂා කිරීමේ දී එහි තිබී සොරකම් කරන ලද ටොෆී, චොකලට්, ලොලිපොප්, චුයින්ගම් සහ පෙපර්මින්ට් තොගයක් සොයාගෙන තිබෙනවා.

සැකකාර ළමුන් තිදෙනා ළමා නිවාසයේ යතුර සොරකම් කර, අලුයම් කාලයේ ඉන් පිටවී, වෙළඳසැලේ ඉදිරිපස වීදුරුවට පොල්ලකින් පහරදී බිද ඊට ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබෙනවා.

අනතුරුව සොරාගත් ටොෆී, චොකලට් පොලිතින් බෑග්වල දමාගෙන ළමා නිවාසයට රැගෙන විත් සඟවා ඇති බවයි ආවරණය වී ඇත්තේ.

සැකකාර දැරියන් තිදෙනා කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
8
+1
0
+1
26
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.14
01:05:46
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
00:55
Video thumbnail
Scanner යන්ත්‍රවලටත් හසු නොවන අයුරින් බහාලුමක සඟවා තිබූ නීතිවිරෝධී දුම් වැටි තොගයක් කොටුවෙයි
06:37
Video thumbnail
ආබාධිත බිරිඳයි, දරුවොයි එක්ක අසරණ වෙලා ඉන්න පවුලක් - අපේ අස්වැසුමත් කපලා දාලා තියෙන්නේ
03:45
Video thumbnail
තම කර්මාන්තයට වනජීවී එක බාධා කිරීම නිසා ගමුන්ට යකා නගියි - හොරෙන් හරි ගිහින් අපි වේවැල් ක#නවා
08:06
Video thumbnail
ඉඩමක් ඉදිරියේ හදපු කඩයක් නිසා මහ පාරේ උණුසුම් තත්ත්වයක් - ප්‍රාදේශීය ලේකම්ගේ හයියද මේ ?
07:33
Video thumbnail
අග්‍රාමාත්‍යතුමිය කට්ටිය වටකරගෙන කටාර් බලා ගිය හැටි
01:18
Video thumbnail
විපක්ෂයට ඕනි උසාවි, පොලිසි, බන්ධනාගාර නැති රටක් - ඒවා අතේ තියාගෙන හිටියේ ඉස්සර
02:22
Video thumbnail
ජගත්ගෙන් විපක්ෂයට සැර සත්තමක් - ආණ්ඩුවක් ආවොත්නේ අපිට නීතිමය ක්‍රියාමාර්ග ගන්නේ
03:32
Video thumbnail
බන්ධනාගාර සිද්ධිය ගැන ජගත් කට අරියි - අධිකරණ ඇමති ඉල්ලා අස්වෙන්න ඕනි නෑනේ
04:16