කටුනායක සවිකළ අලුත්ම ස්කෑන් යන්ත්‍රයට පළමු මත්ද්‍රව්‍ය තොගය හසුවෙයි

රුපියල් කෝටි දහයකට වඩා අධික වටිනාකමින් යුත් ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඉන්දීය ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළේ දී අද (05) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගුවන් තොටුපොළ ” හරිත මාවත” ඔස්සේ මෙම මත්ද්‍රව්‍ය තොගය සමඟ පිටතට යාමට උත්සහ කිරීමේදී ඔහුව ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ඔහු විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ල තුළ පැකැට් 19 ක් ලෙස සකස් කළ ” කුෂ්” මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 750 ක ප්‍රමාණයක් සඟවා ගෙන පැමිණ ඇති අතර එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් දස කෝටි පනස් ලක්ෂයක් පමණ වන බවයි වාර්තා වන්නේ.

සැකකරු ඉන්දියාවේ නවදිල්ලි නුවර සපත්තු වෙළෙදසැළක අලෙවි සේවකයෙකු ලෙස කටයුතු කරන 43 හැවිරිදි ඉන්දීය ජාතිකයෙක්.

මෙම ” කුෂ්” මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් මිළදී ගෙන, ඉන්දියාවේ නවදිල්ලි නුවර වෙත පැමිණ, එතැන් සිට කටුනායක වෙත රැගෙනවිත් තිබූ බවයි වාර්තාවන්නේ.

මෙම වැටලීම පසුගියදා කටුනායක ගුවන් තොටුපොළ රේගු පැමිණීමේ පර්යන්තයේ ” හරිත මාවත ” තුළ ස්ථාපිත කළ ඇති නවීන ස්කෑන් යන්ත්‍රය උපයෝගී කර ගෙන රේගු නිලධාරීවරුන් විසින් සිදු කළ පළමු අත්අඩංගුවට ගැනීම වනවා.

සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57