කටුනායක ගුවන්තොටුපළේ PCR මගඩියක් ?

කටුනායක ගුවන්තොටුපළ තුළ පිහිටුවා ඇති PCR පරීක්ෂණාගාරය අදාළ කටයුතු සඳහා භාවිත නොකර ගුවන්තොටුපළ තුළ සිදුකෙරෙන PCR පරීක්ෂණ පුද්ගලික අංශය මගින් සිදුකෙරෙන බව වෛද්‍ය රසායනාගාර වෘත්තියවේදීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.

එවැනි PCR පරීක්ෂණයක් සඳහා ඩොලර් 50ක් පමණ අයකරන බව ද ඔහු පැවසීය.

“කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ PCR රසායනාගාරයක් පිහිටුවීමේ අරමුණ සම්පූර්ණයෙන්ම පසෙකලා කටයුතු කිරීමේ ස්භාවයක් දැනට පත්වෙලා තියෙනවා. පසුගිය 21 වනදා ඉඳලා කටුනායක ගුවන්තොටුපොළ විවෘත කරලා තියෙනවා. නමුත් අවසානාවකට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඇතුළේ පිහිටවලා තියෙන PCR රසායනාගාරයට මේ වනතුරු සංචාරකයන් හෝ ආගමණිකයන්ගේ කිසිදු PCR පරික්ෂණයක් යොමුරකලා නැහැ. අවාසනාවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති තීරණය කරන අය, ප්‍රතිපත්ති තීරණය කරන්නේ අමාත්‍යංශය වෙනුවෙන් හෝ කොවිඩ් වසංගතය වෙනුවෙන් හෝ ඒ සඳහා තියෙන මහජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් නොවන නිසා මේ ගුවන් මගීන්ගේ PCR පරික්ෂණ සියල්ල පෞද්ගලික රසායනාගාරයකට යොමුකරන්න කටයුතු කරමින් ඉන්නවා. එක මගියෙකුගෙන් එක PCR පරික්ෂණයකට ඩොලර් 50කට වැඩි මුදලක් ගන්නවා. PCR පරික්ෂණ 4ක් ගන්නට අවශ්‍ය බවට කියවෙනවා. එතකොට මේ පරික්ෂණ  ප්‍රමාණයෙන් විතරක් අපිට විශාල මුදලක් උපයන්නට පුළුවන්. ශ්‍රමිකයන්ගේ සහ අනෙකුත් කණ්ඩායම්වල PCR පරික්ෂණ නොමිලේ කරමින් ඒ රසායනාගාරය රජයට බරක් නැති විදිහට නඩත්තු කිරීමේ හැකි මුදලක් එයින් උපයන්නට පුළුවන් වෙනවා.“



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි.. මේකද ඔයාලගේ පොහොසත් රට..?
07:56
Video thumbnail
මහනුවර සහ නුවරඑළියට තවදුරටත් තද වැසි
02:52
Video thumbnail
සුඛෝපභෝගී බස් රථයක් අළු කරලා පැනලා ගිය ඩබල
03:44
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.05
00:00
Video thumbnail
බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ජනාධිපතිතුමා කිව්ව කතාව
00:59
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05