කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති ඝාතනයේ සැකකරු වස බී රෝහලේ

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරු එම ඝාතනයෙන් අනතුරුව වස පානය කර රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සැකකරු වරකාපොළ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අත්අඩංගුවට ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

කටාන ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වන පීටර් හපුආරච්චි නැමැත්තා ඔහුට අයත් වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි නිවසක අභිරහස් ලෙස ඝාතනය කර සිටිය දී සොයාගත්තේ පසුගිය 29 වනදායි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් පොලීසිය සිදුකළ විමර්ශනවලදී වත්තේ මුරකාර යුවළ අතුරුදන්ව ඇතැයි අනාවරණය වුණා.

ඒ, අනුව සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුම් ක්‍රියාත්මක කළ අතර, මුරකරු වරකාපොළ, නියඳුරුපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට තහවුරු කර ගැනුණා.

මෙසේ තිබියදී නියඳුරුපොළ ප්‍රදේශයේ පුද්ගලයෙකු පානය කර සිටිය දී වරකාපොළ මුලික රෝහලට පසුගිය 29 වනදා ඇතුලත් කර තිබෙනවා.

හිටපු උප සභාපතිගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන වනාතවිල්ලුව පොලිසිය වරකාපොළ පොලීසිය හා එක්ව කළ වැඩිදුර මෙහෙයුම් වල දී සැකකරු රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවට කරුණු අනවරණය කරගෙන තිබෙනවා.

අනතුරුව ඊයේ (01) දිනයේ දී රන්පොඩි දේවගේ රවින්ද්‍ර ධර්මසිරි නැමති අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන පොලිස් ආරක්ෂාව යටතේ රෝහලේ ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බවයි පොලීසිය පැවසුවේ.

මෙම සැකකරු සමඟ පොල් වත්තේ සිටි කාන්තාව ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑම ගමක් උණුසුම් කළ වන අලින්
00:49
Video thumbnail
ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරු ශිරාන් බාසික්ව දිවයිනට රැගෙන ආ හැටි
01:01
Video thumbnail
හිටපු කැබිනට් අමාත්‍ය රංජිත් සියඹලාපිටිය විසින් රචිත යුධ දෙකකට උර දී කෘතිය ගැන සිදුකළ විශේෂ සාකච්ඡාව
34:16
Video thumbnail
බෙල්ලන්විල පෙරහැරට ගිය සජිත් සහ දිලිප් - මාරුවෙන් මාරුවට කරඬුව වඩම්මන හැටි බලන්නකෝ
02:08
Video thumbnail
වනජීවී ඡායාරූප ශිල්පීන් යැයි කියාගත් පිරිස කාවන්තිස්සට කරන කැත වැඩේ - පන්නද්දි කට්ටිය හතර අතේ යයි
01:02
Video thumbnail
අධිකරණය ගැන කියලා සජිත් ආණ්ඩුවට හොඳ පදෙන්ම දෙසයි - ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්න වරමක් නෑ
11:38
Video thumbnail
නාමල් - ඇමති නලින්ද එකට හමුවූ මොහොත
01:20
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ
00:24
Video thumbnail
ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:25
Video thumbnail
ඇයි මෙයා වාසනා ළඟ තියන්නේ නැත්තේ ?ඇතුන් බලන්න ගිය විපක්ෂ නායක සජිත්
02:53