පසුගිය 28 වැනිදා කටාන පොලිස් වසමේ දී පුද්ගලයෙක්ට පහරදී ඝාතනය සිදුකිරීම සම්බන්ධයෙන් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මඟින් විමර්ශන ආරම්භ කර තිබුණා.
ඒ අනුව විමර්ශන නිලධාරින්ට ලද තොරතුරකට අනුව ඉහත අපරාධය සිදුකළ සැකකරු සහ අපරාධයට ආධාර අනුබල දුන් සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (29) වන දින දළුවකොටුව, ෆාතිමාවත්ත සහ කුරණ යන ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන කටාන පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 47 හා 49 වයස්වල පසුවන කදිරාන, ඒත්තුකාල සහ කොච්චිකඩේ ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
කටාන පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.













