ඖෂධවලට ඇබ්බැහි වූවන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය

2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා අමා‍ත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, අදාළ සංශෝධන ඇතුළත් කරමින් පනක් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.

2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත මඟින් ප්‍රතිකාර සඳහා ප්‍රවේශය තහවුරු කිරීම, පුනරුත්ථාපනයට පහසුකම් සැලසීම හා නැවත සමාජගත කිරීම ප්‍රවර්ධනය කිරීමේ මූලික අරමුණ සහිතව මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම, පුනරුත්ථාපනය කිරීම හා පසු රැකවරණය ලබා දීම සඳහා නීතිමය රාමුවක් සලසා දී තිබෙනවා.

රට තුළ සිටින මත්ද්‍රව්‍ය මත යැපෙන තැනැත්තන් සංඛ්‍යාව අවම කිරීම පිළිබඳ රජයේ ප්‍රතිපත්තිය සහ ප්‍රථම වරට මත්ද්‍රව්‍ය භාවිත කරනු ලබන තැනැත්තන් ග්‍රහණය කර ගැනීම පිළිබඳව වන ගැටලු සැලකිල්ලට ගනිමින්, ප්‍රතිකාර කිරීමේ හා පුනරුත්ථාපනය කිරීමේ නිසි විධිමත් යාන්ත්‍රණයක් පවත්වා ගෙන යාමට හැකි වන පරිදි යෝග්‍ය සංශෝධන 2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනතට හඳුන්වා දීම අත්‍යවශ්‍ය වී තිබෙනවා.

ඒ අනුව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගෙන, 2007 අංක 54 දරන ඖෂධ වලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා අමා‍ත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, අදාළ සංශෝධන ඇතුළත් කරමින් පනක් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් තීරණය කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට තියන එකම විකල්පය සජබයයි - ජනතාව අසරණ වෙලා ඉන්නේ
02:52
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38