spot_img
AFC Banner
Empty Ad
Empty Ad

එළඹෙන 6 වෙනිදා පුද්ගලික බස් ධාවනයෙන් ඉවතට

පෞද්ගලික බස් රථ ධාවනයට ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් මේ සතිය තුල සැකසිය යුතු බවත් එසේ සිදු කෙරෙන්නේ නැතිනම් එළඹෙන 6 වෙනි දා දින සිට බස් රථ ධාවනයෙන් ඉවත් වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න ප්‍රකාශ කරනවා කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මෙම අදහස් පළ කර සිටියා

අපොස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාව තුළ දී පෞද්ගලික බස් රථ ධාවනය කිරීම සිදු කෙරුණත් ඒ සඳහාද ඩීසල් ලබා ගත්තේ ඉතා ගැටලුකාරී තත්ත්වයක සිට බවත් අද දින සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීම හේතුවෙන් මෙම තීරණයට එළඹුන බව ඔහු කියා සිටියා

එමෙන්ම බස් රථ සඳහා ඩීසල් ලබාදීමට රජය විධිමත් වැඩපිළිවෙළක් සැකසිය යුතු බවත් එසේ නොවන්නේ නම් දිගින් දිගටම මේ ආකාරයෙන් ාවනය කිරීමට නොහැකි බවද ඔහු කියා සිටියා. එමෙන්ම දැනට ධාවනය වන බස් රථ ප්‍රමාණය ද එළඹෙන 6 වෙනිදා දිනයෙන් පසු ධාවනය නොකිරීමට තීරණය කරන බව ද ඔහු කියා සිටියා.

පසුගිය කාලසීමාව තුළදී ප සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි දරුවන්ට බාධාවක් නොවන ආකාරයට උද්ඝෝෂණ හා විරෝධතා සිදු නොකර සිටි පුද්ගලයන්ට පමණි ස්තුති කරන බවද ඔහු කියා සිටියා

එමෙන්ම 31ඊයේ දිනයේ සිට බදු වැඩිකිරිමට රජය මගින් තීරණය කර ඇති අතර එය තම කර්මාන්තයට ද දැඩි ලෙස බලපාන බව ඔහු කියා සිටියා.

ඒ හේතුවෙන් අමතර කොටස් වල මිල ද ඉහළ යාමට ඇති ඉඩකඩ වැඩි බව බදු වැඩි කිරීම පසෙකලා පාඩු ලබන ආයතන විකිණීම හෝ වෙනයම් ක්‍රමවේදයකින් මේ අලාභ අයකර ගැනීම සිදු කළ යුතු බවත් මෙසේ බදු වැඩිකිරීම හේතුවෙන් ීඩාවට පත් වන්නේ සාමාන්‍ය පොදු මහජනතාව බව ඔහු කියා සිටියා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?