එයාර් ඉන්දියා ගුවන් අනතුරට හේතුව විමර්ශන වාර්තාවකින් එළියට

අවම වශයෙන් පුද්ගලයින් 270 දෙනෙකුට ජීවිත අහිමිකරමින් ඉන්දියාවේ අහ්මදාබාද් හි සිදු වූ ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම බව මූලික විමර්ශන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

යානයේ එන්ජින් වෙත ඉන්ධන ප්‍රවාහය පාලනය කරන ඉන්ධන කඩඉම් ස්විච, තත්පරයක් ඇතුළත ‘RUN’ සිට ‘CUTOFF’ ස්ථානයට එකින් එක සංක්‍රමණය වී ඇති බව ගුවන් යානා අනතුරු විමර්ශන කාර්යාංශයේ වාර්තාවේ දැක්වෙනවා.

අදාළ පරීක්ෂණ වාර්තාවට අනුව එන්ජින් දෙකෙහිම ඉන්ධන පාලන ස්විචයන් ‘තත්පරයක කාල පරතරයකින් එකින් එක RUN සිට CUTOFF ස්ථානයට මාරු කරන විට ගුවන් යානය 180ක වේගයකට ළඟා වී ඇති බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ.

නියමු කුටියේ පටිගත වී ඇති හඬ පටිගත විමර්ශනය කිරීමේ දී, එක් නියමුවෙකු “ඔබ විසන්ධි කළේ ඇයි?” යනුවෙන් අසන බව ඇසෙන අතර අනෙක් නියමුවා “මම එසේ කළේ නැහැ” යනුවෙන් පිළිතුරු දෙන බවයි සඳහන් වන්නේ.

මේ අතර අද (12) අලුයම් කාලයේ නිකුත් කරන ලද මෙම වාර්තාවේ සඳහන් වන්නේ, අනතුරේ දර්ශනවල දක්නට ලැබෙන පරිදි, රැම් එයාර් ටර්බයිනය (RAT) යොදවා ඇති බවත්, එමඟින් ගුවන් යානයේ බලය සහ තෙරපුම සම්පූර්ණයෙන්ම නැති වී ඇති බවයි.

එමෙන්ම කළු පෙට්ටිය ලෙස හැඳින්වෙන වැඩිදියුණු කළ ගුවන් යානා පියාසැරි රෙකෝඩරයේ (EAFR) දත්ත වලින් හෙළිව ඇත්තේ, ස්විච දෙකම ‘RUN’ ස්ථානයට ආපසු ගෙන ගිය බවත් එන්ජිම 1 යථා තත්ත්වයට පත්වීමේ සලකුණු පෙන්නුම් කළද, එන්ජිම 2 යථා තත්ත්වයට පත්වීමට නොහැකි වූ බවයි.

ලන්ඩන් බලා පිටත් වූ එයාර් ඉන්දියා ගුවන් සේවයට අයත් මෙම යානය අහ්මදාබාද් ගුවන්තොටුපොළෙන් ගුවන් ගත වී විනාඩි කිහිපයකට පසු වෛද්‍ය විද්‍යාලීය නේවාසිකාගාර ගොඩනැගිල්ලකට කඩාවැටී අනතුරට ලක් වුණා.

මෙම අනතුරින් යානයේ සිටි පිරිසෙන් දිවි ගලවා ගැනීමට හැකිවුයේ එක් ගුවන් මගියෙකුට පමණයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39